සත්‍යයේ පුවත් අඩහැරය….

නවීන්, සාගල, දයා නොමැතිව එ.ජා.ප නව නිලධාරි මණ්ඩලය වැඩ අරඹයි…

Podu එක්සත් ජාතික පක්ෂයේ 2021 වසර සඳහා පත් කරන ලද නව නිලධාරි මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය අද (21) දින සිරිකොත, පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. මේ සදහා පුජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමි, පුජ්‍ය මාලඹේ සීලරතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා සහ හින්දු පුජකවරයෙක්, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩී.එම්. ස්වාමිනාදන්, උප සභාපතිනි සුනේත්රාජ රණසිංහ, භාණ්ඩාගාරික එම්.එස්.එම්.මිෂ්බා, සහකාර පරිපාලන ලේකම් අනෝමා ගමගේ, නියෝජ්‍ය මහලේකම් නාලක කොළොන්නේ, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සංදිත් සමරසිංහ, ප්‍රධාන විධායක නිලධාරි ශමල් සෙනරත්, මුදල් ලේකම් ආනන්ද කුලරත්න, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.

කෙසේවෙතත් මෙම අවස්ථාව සඳහා ජාතික සංවිධායක නවීන් දිසානායක, නීති ලේකම් නිශ්ශංක නානායක්කාර, උප සභාපතිවරුන් වන සාගල රත්නායක, දයා ගමගේ යන මහත්වරුන් සහභාගී වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සදහන් කරයි.
141023218_3596683167116235_6580493384335215134_o

141419550_3596683190449566_2764391496532157886_o

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට