සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව ගල් අගුරු මඟඩියක් සිදුකරනවා – සමගි ජනබලවේගය ..

Podu 2015 ට පෙර ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලම වත්මන් බලධාරීන් නැවත ක්‍රියාත්මක කරන බවට සමගි ජන බලවේගයේ පාර්ත්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ 2015 ට පෙර ගල් අගුරු ජාවාරම ක්‍රියාත්මක වු බවත් නොරොච්චෝලේ විදුලි බලාගාරය හරහා වසරකට ගල් අගුරු මෙට්‍රික් ටොන් 25000 ක් පමණ යොදා මෙගා වොට් 900 ක විදුලිය නිශ්පාදනය කිරීමට කටයුතු කළ අතර 2015 ට පෙර ගල් අගුරු සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකළ අතර “නොබෙල්” නැමති සමාගමකට පමණක් ගල් අගුරු ගෙන්වීම සඳහා අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබු බවත් ඒ තුලින් මහා පරිමාණ ජාවාරමක් සිදුවු අතර 2015 බලයට පත් වු යහපාලන ආණ්ඩුව ටෙන්ඩර් පටිපාටියක් තුලින් ගල් අගුරු මිලදී ගැනීමට කටයුතු කළ බවයි.

නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ ලෝකය තුළ පවතින්නේ සීත කාලගුණයක් වන බැවින් එම කාලය තුල ගල් අගුරු මිල වැඩිවීම සිදුවන අතර පසුගිය කාලය තුල ආණ්ඩු නියමිත ආකාරයට කටයුතු කර නොමැති අතර ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් අවසාන වරට ඩොලර් 59 ක මුදලකට මිලදී ගෙන තිබුණත් හදිසි ටෙන්ඩර් කැඳවීමකට අනුව ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා වන මිල ඇමෙරිකානු ඩොලර් 90 දක්වා ඉහළ දමා ඇති අතර එය විශාල වැඩිවීමක් ලෙස පෙන්වාදිය හැකි අතර ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසදනය කර බැලීමේදී අනෙක් රටවල් ඩොලර් 61 ක මිලකට මේ දක්වා ගල් අගුරු මිලදී ගන්නා  බැවින් මෙරට තුල දැඩි මුල්‍ය වංචාවක් සිදුවෙමින් පවතින මන්ත්‍රීවරයා පවසන ලදී.

මෙම සිද්ධිය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳව රටේ ජනතාවට ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත් ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස විදුලි බිලද ඉහළ ගොස් ඇති අතර විදුලි බල මණ්ඩලයද දැඩි කඩාවැටීමකට ලක්ව දැඩි මුල්‍ය අර්බුදයකින් කටයුතු කරන බවත්ක් මන්ත්‍රීවරයා පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට