ඊයේ මරණ 04 යි, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළට..
ඊයේ (25) දිනයේදී වාර්තා වූ මරණ 04 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ බේරුවල පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, දැරණියගල පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි අයෙකු සහ කොළඹ 08 පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි අයෙකු මෙසේ මියගොස් තිබේ.