පානදුර වෙඩි තැබීම, සැකපිට අයෙකු අත්අඩංගුවට..
පසුගිය 25 වනදා පානදුර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම ඝාතන සිදුවීමට සම්බන්ධ ත්‍රීරෝද රථයේම ගමන්කරමින් සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කරනු ලබයි.