සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩොලර් ගැටළුවකට මුහුණදී සිටින ආණ්ඩුව රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu රටට අවශ්‍ය ඩොලර් සපයාගැනීමේ දැඩි අපහසුතාවය හේතුවෙන් ආණ්ඩුව රටට අහිතකර දැඩි තීරණ ගනිමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ විනිමය ඉදිරි ගිවිසුම් සඳහා අත්සන් කළ නොහැකි බව මෙරට බැංකු වෙත දන්වමින් මහබැංකුව රෙගුලාසියක් නිකුත් කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අවප්‍රමාණය වනු ඇතැයි සිතා එම අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා භාණ්ඩ ආනයනයේදී ආනයනකරු බැංකු සමඟ ඉදිරි ගිවිසුම් සඳහා එළඹෙනවා. නිරන්තරයෙන් විනිමය අනුපාත වෙනස්වීම හේතුවෙන් ලොව සෑම රටකම පාහේ ආනයන කරුවන් මෙසේ ඉදිරි ගිවිසුම් සඳහා එළඹෙන නමුත් ඉහත රෙගුලාසිය අනුව එසේ ඉදිරි ගිවිසුම් සඳහා එළඹීමට ආනයන කරුවන්ට කිසිදු හැකියාවක් නෑ. මෙමඟින් ඉදිරියේදී ආනයන භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක මිල මේ වනවිට රුපියල් 185/- ක් යැයි අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා උජාරුවෙන් පැවසුවත් අද වනවිට මෙරට තුළ ආනයනකරුවන්ට ඩොලරයක් අලෙවි කරන්නේ රුපියල් 201.65 කට. ඉහත රෙගුලාසිය තුළින් රුපියලේ අගය කෙටි කාලීනව යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගොස් රුපියල ශක්තිමත් කරගැනීමට හැකි වුවත් එය දීර්ඝ කාලීන සාර්ථක ක්‍රියාවලියක් නොවෙයි.

මෙරටට අවශ්‍ය ඩොලර් විදෙස් සංචිත මඟින් වෙළඳපොලට එක් කරන නමුත් මේ වනවිට මෙරට විදෙස් සංචිත සීඝ්‍රයෙන් කඩාවැටෙමින් තිබෙනවා. සංචිත ඉහළ දැමීම සඳහා දියත් කළ යුතු ක්‍රමවේද කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නෑ. චීනයෙන් සහ ඉන්දියාවෙන් මෙරටට ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබෙන බවක් පැවසුනද එවැන්නක් මෙතෙක් ලැබී නෑ.

ඒ අනුව ඩොලර් සම්බන්ධයෙන් උග්‍ර ගැටළුවකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. රටවල් දෙකක් අතර එකඟවූ පොළි අනුපාතයකට යටත්ව එම රටවල් දෙකෙහි මුදල් හුවමාරු කරගනිමින් ඒ ඒ රටවල මහබැංකු වෙත ලබාදී වසරකට පසුව එම මුදල් යළි හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. එම ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර යුවාන් සහ රුපියල් හුවමාරු කිරීම සිදුවනවා. චීනය ඉහත පරිදි එකඟතාවයන්ට එළඹෙන්නේ ලොව තුළ ශක්තිමත් මුදල් ඒකකයක් බවට යුවාන් පත්කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ යුවාන් නොව ඩොලර්. යුවාන් මඟින් ඩොලර් අවශ්‍යතාවය පියවා ගැනීමට වෙනත් රටකට යුවාන් විකිණීමට සිදුවනවා. වසරකට පසු චීනයට යුවාන් ගෙවීමේදී යළි ඩොලර් සපයාගෙන යුවාන් මිලදී ගැනීමට සිදුවනවා. මෙය තිරසාර කාර්යයක් නොවෙයි. මේ වනවිට දීර්ඝ කාලයක් පුරා මෙරට තුළ ආනයන සීමා පනවා තිබෙනවා. වෙළඳ පරතරයද යම් ප්‍රමාණයකට පහළ ගොස් තිබෙන බවක් පෙනීයනවා. කිසිදු දිනෙක නොවූ ආකාරයට පසුගිය වසර තුළදී සම්ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් මෙරටට ලැබී ඇතැයි ආණ්ඩුව පැවසුවද යාථාර්තය එය නොවෙයි. රටේ ඩොලර් අවශ්‍යතාවය පියවාගැනීමේ වැඩපිළිවෙල කුමක්දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවනවා.

මේ අනුව ඩොලර් අවශ්‍යතාවය සඳහා කොළඹ ආශ්‍රිත ඉඩම් විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. සමාගම් පිහිටුවා කොළඹ සහ අධිවේගී මාර්ග ආශ්‍රිත ඉඩම් දේශීය සහ දේශීය ව්‍යාපාරිකයින්ට විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. කොළඹ පිහිටි ලංකා බැංකුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල පව විකිණීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

සංවර්ධනයට අප විරෝධය පළකරන්නේ නෑ. නමුත් ජනතාව රවටා සංවර්ධන කටයුතු නොකරන්නැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පරිසරය ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට විශාල ලෙස පරිසරය විනාශ කළද පසුගිය ආණ්ඩු සමයේදී මෙන් ඒ පිළිබඳ කිසිවෙකු විරෝධය පළකරන්නේ නෑ. නිසි පාරිසරික අධ්‍යයන වාර්තාවකින් තොරව සිංහරාජ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකර තිබෙනවා. නිසි අධ්‍යයන වාර්තාවක් නොමැතිව එවැනි කටයුතු සිදුකළ නොහැකියි. කුමන ආණ්ඩුවක් බලයේ පැවතියද වන විනාශයක් සිදුවන්නේ නම් ඊට විරෝධය පළකල යුතුයි. අද වනවිට එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නෑ.

කොළඹ අවට මාර්ග සංවර්ධන කටයුතු නීතියට පටහැනිව සිදුවන අයුරු දක්නට ලැබෙනවා. නීති සංශෝධනය සඳහා අදාළ ගැසට් පත්‍ර වෙනස් කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එසේ ගැසට් පත්‍ර වෙනස්කිරීම සඳහා දරණ උත්සාහය, මෙරට ඉඩම් විදෙස් සමාගම්වලට ලබාදීමේ එක් පියවරක්දැයි පරිසර අමාත්‍යවරයාගෙන් විමසා සිටිනවා.

සමගි ජන බලවේගයේ තනතුරු ලබාදීමේදී කිසිදු ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුනේ නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට