සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂයේ පරාජයට හේතුව පිළිබඳ ස්වයං විවේචනයක් සිදුකළ යුතුයි. ජාතික සංවිධායක ධුරය, ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය එපා කියු නවීන් සහ අර්ජුන කියයි…

Podu ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වීමට තීරණය කරන ලද බවත් පක්ෂයේ වෙනස්වීමකට සහ නම්‍යශීලිභාවයකට පත්විය යුතුව ඇති බව ඊයේ (28) දින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කරන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේම අර්ජුන රණතුංග මහතා ද සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයක් තමන්ට ලබාදී තිබූ අතර නවීන් දිසානයක මහතා මෙන්ම තමන්ද ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගත් බවත් තනතුරු සඳහා නොව ප්‍රතිපත්ති මත පමණක් දේශපාලනයේ යෙදෙන තමා පක්ෂ දේශපාලනයට එතරම් කැමැත්තක් නොදක්වන බවට සදහන් කර ඇත.

යහපත් දේශපාලන නායකයින් සමඟ තමන් දේශපාලනයේ යෙදී ඇති අතර යම් හෙයකින් එම නායකත්වය අයහපත් නම් එම නායකයාගෙන් ඉවත්ව ගොස් තිබෙන බවත් අප 2015 දී නව ආණ්ඩුවක් පිහිටුවා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ බවත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ පැවති ආණ්ඩුවේ වටිනාකම මේ වනවිට තේරුම් යමින් පවතින බව වැඩිදුරටත් රණතුංග මහතා අවධාරණය කර ඇත. පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තමන්ව එක්සත් ජාතික පක්ෂළයේ ජාතික සංවිධායක ධූරය සඳහා පත්කළද එම ධූරය ප්‍රතික්ෂේප කරමින් වෙනත් සුදුසු අයෙකුට එය ලබාදීමට තමන් තුළ අකමැත්තක් නොමැති බව ලිපියක් මඟින් දැනුම් දුන් නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් නොවන අතර පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු නොකරන බව නවීන් දිසානායක මහතා එහිදී ද සදහන් කර ඇත.

පක්ෂයේ පරාජයට හේතුව පිළිබඳ ස්වයං විවේචනයක් සිදුකළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා යනු පරිණත දේශපාලඥයෙකු වුවත් පක්ෂ නායකත්වය නව දිශාවකට යොමුකළ යුතු බවත් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අතර ඊට අවශ්‍ය පසුබිම සකස්කර කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බවත් නව යෝජනා ඉදිරිපත් කිරීමට අප උත්සාහ කළ අතර එම යෝජනා සාධනීය ලෙස සලකා නොලැබුනු බවට ඔවුන් චෝදනා කරයි.

අද වනවිට ශක්තිමත් විපක්‍ෂයක මෙන්ම ජනතාවාදී සැබෑ දේශපාලන කඳවුරක අවශ්‍යතාවය මතුව ඇති බවත් ඒ වෙනුවෙන් තමන් හැමවිටම පෙනී සිටින බවත් සිය පියා එක්සත් ජාතික පක්ෂය ගොඩනැංවීමට කැපවූ ජනතා නායකයෙකු බවත් ඔහු කිසිදු විටෙක ජනතාව පාවා නුදුන් බවත් ජනතාව වෙනුවෙන් සිය පියා ජීවිතය කැපකළ ආකාරයටම තමන්ද ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකරමින් පාක්ෂිකයින් මෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට