සත්‍යයේ පුවත් අඩහැරය….

නැගෙනහිර ජැටිය සම්බන්ධව විමල්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) දින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.ලබන සඳුදා දිනයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා එම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන් වේ. සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06 ක නායකයින්ට අමාත්‍ය විමල් වීරවංශ මහතා ආරාධනා කර ඇති බව සඳහන් වේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති ඊයේ (29) දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය අද දිනද ක්‍රියාත්මක වේ. සිය ඉල්ලීම් වලට නිශ්චිත පිළිතුරක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට