සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛරසය පාලනය කිරීමට නොහැකි අවස්ථාවක සෞඛ්‍ය අංශ නිලධාරීන් දේශපාලඥයින්ගේ මතයට නටයි, සමගි ජනබලවේගය…

Podu කොරෝනාව මුවාවෙන් ආණ්ඩුව සිදුකරන ගරානාව මේ වන විටත් අවසන් වී නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනි සිටින බවට පවසා සිටියත් මේ දක්වා කිසිදු පෙනි සිටිමක් සිදුකර නොමැති බවත් හඬ තරමට ආණ්ඩුවේ වැඩ නොමැති බවක් දක්නට ලැබෙන බව ඊයේ (29) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන තුෂාර ඉදුනිල් සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් සහභාගී වූ අතර එහිදී ඔවුන් වැඩි දුරටත් අවධාරණය කලේ බෞද්ධ බලවේග වල සහයෝගයෙන් බලයට පත්වු ආණ්ඩුව අද වන විට වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට කටයුතු කරන බවත් ජාතික බලවේග සහ බෞද්ධ බලවේග ඉදිරිපත් කරන අදහස් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීමට කටයුතු කරන බවත් වෘත්තීය සමිතිද විරෝධතාවය දැක්වුවත් ඒ පිළිබඳවද අවධානය යොමු නොකරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා මාධ්‍ය ඉදිරියට පැමිණ ජාතික සම්පත් විකිණීමට ආණ්ඩුව කටයුතු කරනවා නම් එයට විරෝධය දක්වන බවට පවසා සිටින අතර ආණ්ඩුව තුළ මතභේදකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වු ආකාරයට ජනතාව නොමඟ යැවීමට මේ ආකාරයට කටයුතු කරනවාද යන්න සැක සහිත බව අවධාරණය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරි පිළිවෙත නිසා ආණ්ඩුව තුල අර්බුදයක් ඇතිවී ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇතුළු බලවේගයන්ද ආණ්ඩුවේ යම් යම් ක්‍රියාමාර්ග වලට විරෝධතාවය දක්වන බවක් දක්නට ලැබෙන අතර උදය ගම්මන්පිල මහතා පවසන ආකාරයට සියළුම ප්‍රශ්න විසදාගෙන වරාය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට පවසා සිටියත් එය සිදුකළ නොහැකි බවත් ආණ්ඩුව තුල සිට ආණ්ඩුව විවේචනය කරනවා වෙනුවට ආණ්ඩුවෙන් එළියට පැමිණ විරෝධය දැක්වීම සිදුකළ යුතු බවට තුෂාර ඉදුනිල් මහතා සදහන් කර ඇත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම තුලින් යම් කප්පම් ලබාදීමක් සිදුවෙනවාද යන්න සැක සහිත බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළුම පරීක්ෂණයන් අවසන්ව ඇති තත්ත්වයක වරදකරුවන්ට දඩුවම් ලබාදීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු මේ වන විට ඉන්දියාවේ සිටින බවත් එම නිසා යම් කුමන්ත්‍රණයක් දියත් වෙනවාද යන්න සැක සහිත අතර හෙළිකල නොහැකි රහස් හෙළිනොකර සිටීමට මෙරටින් යම් කප්පමක් ඉල්ලා සිටිනවාද යන්න සැක සහිත බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට රට තුළ ප්‍රධාන වශයෙන් දැවෙන ප්‍රශ්න කිහිපයක් පවතින බවත් කොරෝනා වසංගතය ඒ අතරින් එක් ප්‍රශ්නයක් වන අතර එම වසංගතය මේ වන විට පාලනයෙන් ගිලිහිගොස් ඇති අතර දිනකට රෝගීන් 800 ක් හෝ 900 ට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාවද මේ වන විට 300 ට ආසන්න වී ඇති අතර ආණ්ඩුව නිසියාකාරව කටයුතු නොකිරීම නිසා මෙම වෛරසය පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ද මාධ්‍යය ඉදිරියට පැමිණ දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට අදහස් දැක්වීම සිදුකරන බවට මුජිබර් රහුමාන් මහතා චෝදනා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට