සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවුන්සාන් සුකී හමුදා අත්අඩංගුවට ..

Podu මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මියන්මාර හමුදා විසින් අවුන්සාන් සුකි සිය භාරයේ තබාගෙන සිටින අතර මෙම තත්ත්වය මතුවුයේ වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක් වේ. හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද යළිත් වරක් කතා බහක්ද මතුව ඇති බව සඳහන් වේ. ඉකුත් දා පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය ධරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි විය. එහෙත් හමුදාව පවසන්නේ මැතිවරණය වංචනික බවයි. අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමද කල් දමන ලෙසටද එරට හමුදාව දිගින් දිගටම අවුන්සාන් සුකීගේ පක්ෂයට ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ ඇය මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයක් වේ. මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමටද සිදුවිය. කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදීමය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට