සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමට පත්කළ කොමිසම විධායකයට අවශ්‍ය පරිදි කටයුතු කරනවා – සමගි ජන බලවේගය ..

Podu ජනාධිපතිවරයා විසින් පත් කළ නව කොමිසමක් මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් එම වාර්තාව අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගැනීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ දේශපාලන කොමිසමක් පත් කිරීම සිදුකරනු ලබන්නේ යම් දෙයක සත්‍යතාවය දැනගැනීම සඳහා වන අතර ඒ අනුව සත්‍යතාවය සොයා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් විනිසුරුවරයා විමර්ශකයෙකු ලෙස මෙහිදි කටයුතු කරන අතර අධිකරණයක් තුලදී විනිසුරුවරයෙකු ස්වාධීන ලෙස කටයුතු කරමින් තර්ක කරමින් සත්‍යතාවය සොයා ගැනීමට කටයුතු කළත් කොමිසමක් තුළ සත්‍යතාවය සොයාගෙන යාමට සිදුවන අතර සත්‍යතාවය සොයාබැලීම සඳහා වන වැඩපිළිවෙලක් මෙම කොමිසම තුල ක්‍රියාත්මක වී නොමැති බවක් දක්නට ලැබෙන බව හෙතම පවසයි.

අතීතයේ සිටි චුදිතයින් නිදහස් කිරීමට කටයුතු කරමින් වර්තමානයේ පිරිස් චුදිතයින්  බවට පත් කිරීමට කටයුතු කිරීමක් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසම මගින් සිදුකර ඇති බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ, පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක වැනි දේශපාලඥයින් මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානී අබේසේකර, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් චුදිතයින් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් වාර්තාවක් ලෙස ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගැනීමට කටයුතු කර ඇති බවත් මෙරට තුළ නීතිය පිළිබඳව දුර්වලතාවයක් නොමැති අතර පාලනයේ පමණක් දුර්වලාතවයන් පවතින බවත් වත්මන් බලධාරීන් මෙම කොමිසම හරහා විධායකය විසින් ඔහුට අවශ්‍ය ආකාරයට බලය මෙහෙයවීමට කටයුතු කර ඇති බවත් එම ක්‍රියාදාමය සැබවීන්ම රටට භයානක වන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදයටද එය හානියක් බවද සඳහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ ආණ්ඩුවට සහයෝගය දක්වන  අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයින් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට විරෝධය පල කරන බවට පවසා සිටිය අතර   එම පිරිස විසින් සිදුකරනු ලබන දෙවන රඟපෑමට හසුනොවන ලෙසත් මෙම පිරිස මේ ආකාරයටම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන බවට පවසා සිටියත් අවසානයේදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදීමට කටයුතු කළ බවයි.

රටේ ජාතික සම්පතක් වන වරාය ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම එම සම්පත අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමට පාට පක්‍ෂ භේදයකින් තොරව සියළුම වෘත්තීය සමිති වීදි බැස ඇති අතර එම සියළුම වෘත්තීය සමිති එක් පොදු කාරණාවක් වෙනුවෙන් සටන් කරන බවත් එම සටන මර්ධනය කිරීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරන බවත් එම නිසා මාධ්‍ය මෙන්ම රටේ ජනතාව ආණ්ඩුවේ සිටින පිරිස් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබීමට කටයුතු නොකළ යුතු බව එතුමිය පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට