සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“විකිණීම” වෙනුවට වෙනත් නම් යොදා වත්මන් ආණ්ඩුව රටේ සම්පත් විදේශිකයින්ට විකුණමින්යි සිටිනවා – සමගි ජන බලවේගය

Podu වැරදි සහගත විදෙස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙතෙක් බලයට පත්වූ කිසිදු නායකයෙකු මේ ආකාරය රට අනතුරට ලක්නොකළ බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. කොළඹදී අද (02) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකළේය.

2015 ට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂද ආණ්ඩුවේ වැරදි සහගත විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ලොව සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වු බවත්, මෙරට තුල බලයේ සිටි රාජ්‍ය නායකයින් කිසිවෙකු සමබර විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සුපිරි බලවතුන් සමඟ අනවශ්‍ය ගැටළු ඇතිකර නොගනිමින් ශ්‍රි ලංකාව ලොව සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුනොවන ලෙස කටයුතු කළ බවයි.

සිය ආසන්නතම බලවතා වන ඉන්දියාවට දකුණින් පිහිටා ඇති ශ්‍රි ලංකාව, කිසිදු විටෙක ඉන්දියාව සමඟ ගැටළුවක් ඇතිකර නොගත් නමුත් මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසු මෙරට සීමාව ඉක්මවා චීනයේ ග්‍රහණයට හසුකරවමින් ඉන්දියාව සමඟ ගැටළුකාරී තත්ත්වයක් ඇති කරගත් බවත් චීනයෙන් අසීමාන්තික ලෙස ණය ලබාගෙන ශ්‍රි ලංකාවේ ගුවන්තොටුපළක් සහ වරායක් ඉදිකිරීම ඉන්දියාවට ගැටළුවක් බවට පත්වූ බවත්, ඒ අනුව අනවශ්‍ය ලෙස ඉන්දියාව සමඟ ගැටළු ඇතිකර ගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව, ශ්‍රි ලංකාව චීනයේ ප්‍රාන්තයක් බවට පරිවර්තනය කරමින් අසීමිතව ලබාගත් ණය ආපසු ගෙවාගැනීමට නොහැකිවීම නිසා මෙරට ජාතික සම්පත් සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුවෙමින් පවතින බවට විපක්ෂය චෝදනා කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරාගැනීමේ සටනට සමගි ජන බලවේගය සියළු සහාය ලබාදුන් බවත්, අන් අයගේ සටන් සඳහා සිය නම ඇතුළත්කර ගැනීමට අප කිසිදු අයුරකින් කටයුතු නොකරන බව එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරන ලදි.

කිසිදු ලෙසකින් මෙරට රාජ්‍ය දේපළ නොවිකුණ බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට සම්බන්ධ වන මීට පෙර බලයට පැමිණි පොදු ජන පෙරමුණු සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු සියල්ලක්ම මෙරට ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමූ බවටද ඔවුන් චෝදනා කරනු ලබයි.

ඒ අනුව මීට පෙර කොළඹ වරායේ එක් පර්යන්තයක් චීනයට විකුණන ලද්දේ ද එම ආණ්ඩු වුවද එම වරාය ඉහළ ජාත්‍යන්තර මට්ටමකට පත්කර ලොව ප්‍රමුඛතම වරායන් අතරට ගෙන ආවේ අපගේ ආණ්ඩු විසින් බවත්, එසේ දියුණු කළ එම වරාය, “විකිණීම” වෙනුවට “ආයෝජන” වැනි වෙනත් වචන යොදා ජනතාව රවටමින් විදෙස් රටවලට විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට