සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විෂමචාර චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්න, මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට “සිංහලේ” සංවිධානයෙන් ලිඛිත දැනුම් දීමක්..

Podu තමන්ට එරෙහිව එල්ලවී ඇති විෂමචාර චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්නැයි මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව “සිංහලේ” සංවිධානය අවධාරණය කර සිටියි. මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට එල්ලව තිබෙන විෂමචාර චෝදනා සම්බන්ධයෙන් තම සංවිධානය විසින් සිදුකරන ලද අනාවරණයන් පිළිබඳව සභාපතිවරයා තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය බිඳවැටීමට පෙර සත්‍යය තතු දැනගැනිමට ජනතාවට අයිතියක් ඇති බවත් “සිංහලේ” සංවිධානය තවදුරටත් පවසා සිටියි.

“සිංහලේ” සංවිධානය විසින් මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට යොමුකර තිබෙන ලිපිය පහතින් දක්වා ඇත.

සුජිව රාජපක්ෂ මහතා,

සභාපති,

මහජන බැංකු මුලස්ථානය.

2021.02.01

සභාපතිවරයාට එල්ල වු චොදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය සංවාදයකට ආරාධනාවයි!

මහත්මයාණෙනි,

රාජ්‍ය බැංකු තුල සිදුවන විෂමචාර රැසක් පිළිබඳව අප විසින් පසුගිය කාලසීමාව තුල අනාවරණය කල බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එම සෑම කරුණක්ම අප විසින් අනාවරණය කරන්නට යෙදුනේ රටේ ජනතාවගේ යහපත සදහාමය. රටේ මුල්‍ය හදවත බඳු වු මහජන බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු රැක ගැනිම අප සතු පරම අයිතියක් බව සභාපතිවරයෙකු ලෙස ඔබතුමාද දන්නා කරුණකි.


එහිදි මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඔබතුමා සම්බන්ධයෙන්ද කරුණු රැසක් අනාවරණය කළ අතර මේ දක්වා වගකිවයුතු සභාපතිවරයෙකු ලෙස එම චෝදනා කිසිවෙකට නිළ වශයෙන් පිළිතුරු දිමට ඔබ කටයුතු නොකිරිම කණගාටුදායකය. අප විසින් අනාවරණය කරගනිමින් චෝදනා කළ,

a) ඔබතුමා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන BDO Partners ආයතනයට මහජන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනිමේදි නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරිම,

b) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුව සමග සිදුවිමට තිබු ණය ගණුදෙනුවකදි අතයට ගනුදෙනුවක් සදහා තුන්වන පාර්ශ්වයක් මැදිහත් කිරිම,

යන චෝදනා ප්‍රබල චෝදනා බව අමුතුවෙන් සදහන් කලයුතු නැත. මෙම චෝදනා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා විකාශය වු අතරම පාර්ලිමේන්තුව තුලද අවස්ථා ගණනාවකදි මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් විය.

මිට අමතරව බැංකුවට සම්බන්ධ වෘත්තීය සමිතිද මේ චෝදනා සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිමට කටයුතු කර තිබේ. නමුත් මේ දක්වා ඉහත කිසිඳු චෝදනාවකට ලක් වු බැංකුවේ සභාපතිවරයා ලෙස ඔබතුමා පිළිතුරු නොදිමට කටයුතු කිරිම හේතුවෙන් පසුගිය කාලය පුරාම රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ජනතාව තුල ගොඩනැගි තිබු විස්වාසය බිඳවැටීමට ලක්ව ඇති බව අවිවාදාත්මකය. නැවත එම විශ්වාසය ජනතාව තුල තහවුරු කිරිම සදහා ඒකී චෝදනාවලට මැදි වු ඔබතුමා මෙන්ම චෝදනාවන් එල්ල කල අපද ජනතාව හමුවේ ඒ වෙනුවෙන් කරුණු දක්වා අත්‍යවශ්‍යය.

එම නිසා වගකිවයුතු රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු ලෙස ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ඔබට එල්ල වි තිබෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දිමට ඔබ කටයුතු කලයුතු බව අපගේ මතයයි. ඒ සදහා චොදනා එල්ලකල අපිට ද සහභාගි විමට අවස්ථාවක් තිබිය යුතු බව දන්වා සිටිමට කැමත්තෙමු.

ස්තුතියි,

තෙරුවන් සරණයි!

මේ වගට,

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

සභාපති

“සිංහලේ” සංවිධානය

පිටපත්: සියලුම මාධ්‍ය ආයතන

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට