සත්‍යයේ පුවත් අඩහැරය….

වැරදි ගමන් මගක යන ආණ්ඩුවට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී රතු එළියක් දල්වන්න, සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්..

Podu අද වනවිට මතුව තිබෙන ජාත්‍යන්තර බල තරඟය කෙබඳු තත්ත්වයක්දැයි තේරුම්ගත යුතුව ඇති බවත් එහි පාර්ශවකරුවෙකු බවට පත්ව අනාගත පරපුරට ගිනිගත් රටක් උරුම කර නොදිය යුතු බවත් අදීන විදෙස් ප්‍රතිපත්තිය මෙන්ම රටේ එකමුතු බවත් ආරක්ෂාකර ගතයුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (03) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

පැවති ගැටළු සියල්ල නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, විවිධත්වයෙන් යුතු මෙරට ජන සමාජයම ඉවසිලිවන්තවත්, දුර දැක්මෙන් යුතුවත් එකමුතු කරගැනීමට මෙරට පැරණි නායකයින්ට හැකිවුනා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජාත්‍යන්තරය හමුවේ කටයුතු කළ ආකාරයත් ඩී.එස් සේනානායක මහතා අධිරාජ්‍යවාදීන්ට හිස නොනමා අදීන තීරණ ගත් ආකාරයත් සිය මතකයේ පවතිනවා. ඉතිහාසය පුරා පැවති අදීන විදේශ ප්‍රතිපත්තිය හමුවේ ජාත්‍යන්තරයේ මිත්‍රත්වය දිනාගැනීමට අපට හැකිවුනා.

රට සංවර්ධනය සඳහා යම් යම් ව්‍යාපෘති ආරම්භ කළ යුතුයිත නමුත් මේ වනවිට අප ණයකාර ජාතියක් බවට පත්ව අවසන්. මෙරට කිසිදු ජන කොටසක්, කිසිදු පාර්ශවයක් කරා තල්ලු නොකළ යුතුයි. තාවකාලික බලයක් වෙනුවෙන් බෙදුම්වාදයක් ඇතිකිරීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඒ අනුව එම ආකල්ප පරාජය කළ යුතුයි.

වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ අනුව අපට තවදුරටත් ඉදිරියට යාමක් නොමැති බව අවධාරණය කළ හැකියි. අප නිදහස ලබාගන්නා අවස්ථාවේදී මුඩුක්කු රටවල් ලෙස පැවති ලොව රටවල් රැසක් අද වනවිට ශ්‍රී ලංකාව පසුකර ගොස් තිබෙනවා.

යම් ආණ්ඩුවක් බලයට පැමිණීම සඳහා ඉදිරිපත් කළ සටන් පාඨ අතහැර කටයුතු කරන විට බලයට පැමිණීමට උපකාර කළ බලවේගම එම ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා. යථාර්තය එයයි. ‍

ශ්‍රී ලංකාවේ පසුබෑමට හේතුව වර්ගවාදය යැයි සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ මහතා වරක් පවසා තිබුනා. දේශපාලන සටන් පාඨයන්ට රැවටුනහොත් අනාගත පරපුරට රටක් අහිමි වේවි. අන් මතයන් තම මතය තුළින් යටපත් කිරීම පිළිගත නොහැකි තත්ත්වයක්.

මියන්මාරය විසින් මෙරටට රතු එළියක් පෙන්නුම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව ඇතුලු මැති ඇමතිවරුන් සියලුදෙනාම අද වනවිට රබර් මුද්‍රා බවට පත්ව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් සියළු ජනතාවට ගෞරවයෙන් ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කළ යුතුව තිබෙනවා. අධිපතිවාදී ගමනක් ජන සමාජය විසින් කිසිදු විටෙක ඉවසන්නේ නෑ.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකරන ලදී.

ජනාධිපතිවරයා බලයට පත්කළ ජනතාවම දැන් පවසනවා තමන් රැවටී ඇති බව. සිය මව් රටට පැමිණීමේ දැඩි බලාපොරොත්තුවකින් පසුවන, මේ වනවිට දැඩි පීඩාවකට පත්ව ඇති විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් නිසි ක්‍රමවේදයක් අනුව මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව විසින් කටයුතු කරනු ඇතැයි අප සිතුවත් මෙතෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් නොකරන්නේ මන්දැයි විමසීමට සිදුව තිබෙනවා.

මේ වනවිට රට තුළ ජීවන වියදම ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා නොදීම පිළිබඳ කණගාටු වනවා. කල්බදු පහසුකම් ලබාගත් ජනතාවට එම කල්බදු සමාගම් මගින් මාස 06 ක සහන කාලයක් ලබාදෙන බව පැවසුනත් මේ වනවිට එම සමාගම් 9%, 10% වැනි ගිනි පොළී යට‍තේ එම වාරික අය කරගනිමින් සිටින තත්ත්වයක් ඇතිව තිබෙනවා. ආණ්ඩුව නිහඬයි.

රට තුළ ආර්ථික දියුණුවක් ඇතිකළ යුතු නමුත් එය නිසි ප්‍රතිපත්තියකට අනුව සිදුකළ යුතුයි. ඊයේ දිනය වන විට මෙරට කොටස් වෙළඳපොළ, මෙරට ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් කඩාවැටී තිබෙනවා. “පම්ප් ඇන්ඩ් ඩම්ප්” ක්‍රමය යටතේ සමාගම් කිහිපයක් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් තමයි මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන්නේ. මෙය මෙරට ආර්ථිකයට විශාල හානියක් සිදුකරන තත්ත්වයක්.

මේ වනවිට විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතිනවා රට තුළ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපටිපාටිය වැරදි සහගත බව අවධාරණය කරමින් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට පැහැදිලි පණිවිඩයක් ලබාදෙන්නැයි මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා වටා සිටින යම් කණ්ඩායමක්, කැබිනට් මණ්ඩලයටත් ඉහළින් සිටිමින් රට පාලනය කරන බවක් පෙනීයනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට