සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දහසේ දීමනාව ලබාදෙන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (03) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා මාධ්‍ය වෙත පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටළුව මේ වන විට සාමුහික ගිවිසුමේ සිට වැටුප් මණ්ඩලය දක්වා ගමන් කර තිබෙනවා. ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් තෙක් ඉහළ දැමීමට කටයුතු කළයුතුව තිබෙනවා. වතු ජනතාව මුලා කිරීමට වතු සමාගම් වලට කිසිදු අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. වසරකට අවම වශයෙන් දින 300 ක කාලයක් රැකියාව සඳහා අවස්ථාව ලබා දියයුතු යැයි සඳහන් වුවද එසේ සිදු නොකර යම් යම් ආකාර මඟින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස ලබා දෙන රුපියල් 1108/- ක මුදල අඩු කිරීමට වතු සමාගම් කටයුතු කරනවා.

රාජපක්ෂ ආණ්ඩුව විසින් වතු කම්කරුවන්ට විශාල පොරොන්දු රැසක් ලබාදී තිබුනා. ඒ අනුව වතු කම්කරුවන්ට රුපියල් 1000/- ක දෛනික වැටුපක් ලබාදෙන බවට 2019 නොවැම්බර් මස පොරොන්දුවූ ජනාධිපතිවරයා, මේ වන විට එම පොරොන්දුව පිළිබඳ කිසිදු අදහසක් පළනොකර සිය ෆේල් ලැයිස්තුවට එම පොරොන්දුව ද එක්කර ගෙන තිබෙනවා. වතු ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් නොකර අවශ්‍ය ලෙස මුදල් වෙන්කර වතු කම්කරුවන්ට පොරොන්දුවූ වැටුප ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට රටේ ආර්ථිකය මුහුණ දී ඇති දැඩි ගැටළුකාරී තත්ත්වය හමුවේ වතු කම්කරුවන් වර්ජනයක් කරා තල්ලු නොකොට සාධාරණත්වයක් ඉටුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

සාමුහික ගිවිසුම යනු වසර දෙකක් සඳහා ක්‍රියාත්මක වන්නක්. වතු කම්කරු ජනතාවට රුපියල් 1000 ක දෛනික දීමනාවක් ලබාදීම, සාමුහික ගිවිසුමට සම්බන්ධ නොවන්නක්. එය පසුගිය මැතිවරණ වලදී ලබාදෙන ලද දේශපාලන පොරොන්දුවක්. මෙම වසරේ ජනවාරි 01 වනදා සිට වතු කම්කරු ජනතාවට රුපියල් 1000 ක දෛනික දීමනාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව එම දීමනාව වතු ජනතාවට හිමිවිය යුතුයි. සාමුහික ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන්වූ බැවින් එම පොරොන්දුව ඉටුකරන්නැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

නිසි ක්‍රමවේදයට යටත්ව මෙම රුපියල් දහසේ දෛනික දීමනාව ලබාදිය යුතුයි. එසේ නොමැතිව එම දීමනාව ලබාදීමේදී වතු කම්කරුවන්ගේ බෙල්ල මිරිකීම සිදුවන්නේ නම් ඊට අවස්ථාව ලබාදිය නොහැකියි. කාලගුණ තත්ත්වයන් පිළිබඳවද අවධානය යොමුකර මෙම කටයුතු සිදුකළ යුතුයි. ඒ අනුව මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද සමඟ වතු කම්කරුවන්ට රුපියල් 1000/- ක දීමනාව ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට