සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ හෙලුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට විකිණීමට යාමෙන් රටටම හෙළිවුනා – එක්සත් ජාතික පක්‍ෂය

Podu එක් බොරුවක් වසා ගැනීම සඳහා තවත් බොරුවක් කරමින් බොරුවෙන්ම ජීවත් වීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුවේ හෙලුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවේ අදානි සමාගමට විකිණීමට යාමෙන් රටටම හෙළිවූ බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි.ඊයේ (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකර සිටියේය.

පාලිත රංගේ බණ්ඩාර මහතා පහත පරිදි තවදුරටත් මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

වත්මන් ආණ්ඩුවට කොළඹ වරාය බේරා ගැනීමට නොහැකි වුනා. වෘත්තිකයින්ගේ සහ ජනතාවගේ විරෝධතා මධ්‍යයේ වරායේ කොටසක් ඉන්දියාවට ලබාදීම නවතා දැමීමට ආණ්ඩුවට සිදුවුනා. මේ වනවිට අපේ රට විදේශිකයින්ගේ අප්‍රසාදයට පත්ව තිබෙනවා. ලෝක බලවතුන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ ජපානය යන රටවල් ද අප සමඟ උරණව සිටින බවත් පෙනෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ සිදුවීමේදී ආණ්ඩුවේ පිරිස් පිල් දෙකකට බෙදී වෙනස් මත වල සිටිමින් කටයුතු කරන බවක් පෙනෙනවා. යහපාලන ආණ්ඩුව, ණය බර ගෙවා ගැනීමට නොහැකි නිසා හම්බන්තොට වරාය බදු ක්‍රමයක් යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කළා.බලයට පත්වූ පසු නැවත හම්බන්තොට වරාය පවරා ගන්නා බව පැවසූ වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් සිදුකර නෑ. මෙරට ජාතික සම්පත් විදේශිකයින්ට විකුණා දැමීමට කටයුතු කරන බවට යහපාලන ආණ්ඩුවට චෝදනා කළ වත්මන් ආණ්ඩුව මේ වනවිට මෙරට ජාතික සම්පත් විදේශිය රටවල් වලට විකිණීමට උත්සාහ කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන ජාතික සේවක සංගමය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව හඬක් නැගුවා. රටට විදෙස් ආයෝජකයින් අවශ්‍යයි. ආයෝජකයින් නොමැතිව රටක් ගොඩ ගැනීමට නොහැකියි. නමුත් එම කටයුතු කිරීමේදී නිසි එකඟතාවයක් අවශ්‍යයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට