සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කරන්න නව තාක්ෂණික උපදේශක කමිටුවක්…

Podu මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර ඇති මෙම කමිටුවේ  සාමාජිකයින් ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිඩකයින් වන  රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ද ඇතුළත් කර ඇත. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) දින පත්කර ඇති මෙම කමිටුවේ මූලික කාර්යභාරය  අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීම බව සඳහන්. එමෙන්ම දේශීය හා ජාත්‍යන්තරව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නංවාලීම සඳහා මෙරට තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගැනීම ද මෙම කමිටුව මගින්  ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වේ. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙත මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදාගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට