කොළඹ – පුත්තලම ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කටුනායක දක්වා පමණයි..
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (06) උදෑසන 06.00 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායක දක්වා පමණක් සීමාකර ඇති බව වාර්තා වේ. මීගමුව ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගෙනඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන ලදී.