කොවිඩ් මරණ 4 යි, ආසාදිතයින් 729 යි ..
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (05) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.ඒ අනුව වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 343 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි තිදෙනෙක් සිටින බව අනාවරණය වේ. මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 393 දෙනෙකු ඊයේ රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් ඒ අනුව හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 729 ක් වේ. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,844 ක් වාර්තා වී තිබේ. ඔවුන් අතුරින් මේ දක්වා 61,461 දෙනකු සුවය ලබා ඇත.