ආසාදිතයින් හමුවීම නිසා ගම්පහ වෙළඳසැල් කිහිපයක් වසා දැමෙයි..
වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් මතුව ඇති අවදානම් තත්ත්වය මත ගම්පහ නගරය ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් වසා තැබීමට බලධාරින් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ගෙවීගිය දින 04 ක කාලය තුළ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙකු හඳුනා ගෙන ඇත.