සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර ආශ්‍රිත රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය යළි කැඳවයි..

Podu බන්ධනාගාර ආශ්‍රිත රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය යළි කැඳවීමට තීරණය කර ඇතැයි බන්ධානාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කිරීමට තීරණය කරන ලද අතර පවතින තත්ත්වය හමුවේ යළි එම නිලධාරීන් බන්ධනාගාර රාජකාරී සඳහා කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවර ලෙස අද සිට කොළඹ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාර වල සිරකරුවන් මෙන්ම නිලධාරීන් සොදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් යොදවන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට