දිවයින පුරා වැසි රහිත කාලගුණයක්..
අද (11) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක් තුළ පෙරවරු කාලයේ මීදුම් තත්ත්වයක් පැවතිය හැකි බවත් එම ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් පැවතිය හැක.