සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් මරණ භූමදානය කිරීමට අවසර ලබාදීමේ තීරණයට ප්‍රසාදය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..

Podu කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා අවසර දෙන බවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. අදාළ නිවේදනය පහතින් පළකර ඇත.

රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි අප සංවිධානයේ විශ්වාසයයි. එය රටේ සංහිදියාව පිළිබදව සැලකීමේදී අතිශය වැදගත් තීරණයකි.

එමෙන්ම ආගමික හා වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි. සමස්තයක් වශයෙන් සැලකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැලකිය හැකිය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිලි වන්නෙකි.

එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත්වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකි. සාධාරණ සාමාජයක් පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජයගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදවනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට