සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපති අගමැති අතර බල අරගලයක් රට ගෙන ඇද්දැයි සැකයක් මතුව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu භූමදානය සඳහා අවස්ථාව ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසන ලද්දේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ නොව සාමාන්‍ය මරණ පිළිබඳව යැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් පවසන ලද අතර සාමාන්‍ය ලෙස මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමදානය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඇසීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල එස්.එම්. මරික්කාර් මහතා එහිදී පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බොරු පැවසිය හැකිදැයි විමසනවා. නීති සකසන ස්ථානයේ බොරු පැවසීමට කිසිවෙකුට නොහැකි නිසා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී බොරු ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන් සිතන්නේ නෑ. අග්‍රාමාත්‍යවරයාව හෑල්ලුවට ලක්කර, එතුමාගේ බලය කප්පාදු කර ඇතැයි පෙන්වා දීම සඳහා මෙම මන්ත්‍රීවරිය විසින් ඉහත ප්‍රකාශය සිදුකළේ යැයි පැවසිය හැකි බවත් මෙයද විමල් වීරවංශ මහතාගේ සිදුවීම වැනි නාටකයක් වියහැකියි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ භූමදානයට අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස නොව රටේ අග්‍රාමාත්‍යවරයා ලෙසයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරියන්ට අවශ්‍ය ලෙස වචන හසුරවන්න බෑ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් බල රහිත කළ හැක්කේ එතුමාට ඉහළින් සිටින ජනාධිපතිවරයාට පමණක් වන බැවින් සිරිසේන, රනිල් බල අරගලය මෙන් වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතරද බල අරගලයක් හටගෙන ඇද්දැයි යන සැකය මතුවනවා. ඉහත මන්ත්‍රීවරියගේ ප්‍රකාශය ඇත්තක් නම් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ බලය කප්පාදු කර ඇතැයි සිතිය හැකියි.

මහින්ද රාජපක්ෂ මහතා පරිණත, කෘතහස්ත දේශපාලඥයෙක්. එතුමා ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ සිදුවන්නේ කුමක්දැයි හොඳින්ම දන්නවා.

පසුගිය සමයේදී සිංහල, බෞද්ධ ඡන්ද සහ තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා කිසිදු විද්‍යානුකූල පදනමකින් තොරව ජාතිවාදය සහ මිත්‍යාව වපුරමින් මළ සිරුරු භුමදානයට අවස්ථාව ලබානොදීමට ආණ්ඩුව ගත් තීරණය පසුව ඔඩු දිව්වා. කොරෝනා වෛරසය ජලයෙන් පැතිරෙන්නේ නම් අප කිසිදු විටෙක කොරෝනා මළ සිරුරු භුමදානයට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන්නේ නෑ. මෙය මූලික මිනිස් අයිතිවාසිකමක්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීමට අප කිසිවිටෙක අවස්ථාවක් දෙන්නේ නෑ.

පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් පිටවන සෑම වාක්‍යයක්ම දේව වාක්‍යයක් ලෙස සැලකූ ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු ඔහු පසුපස යමින් මහින්ද රාජපක්ෂ මහතාව හෑල්ලුවට ලක්කරමින් සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට