සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත්කරණය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නෑ, එක්සත් ජාතික පක්ෂය…

Podu ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් 19 වෛරසයට ලබාදෙන ලද එන්නත්කරණය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති අතර එවැනි පසුබිමක් තුළ රජය ද කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන බව එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ දිවුලපිටිය ආසන සංවිධායක කිත්සිරි මංචනායක මහතා සහභාගීවූ අතර කෝවිඩ් 19 වෛරසය මේ වන විට මෙරට තුළ වෙනත් ප්‍රභේදයක් ලෙස සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය අංශ විසින් සඳහන් කර ඇති බවත් එම නව ප්‍රභේදය මර්දනය කිරීම සඳහා අවශ්‍යය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ විසින් බලධාරින්ව දැනුවත් කර ඇති බවට ඒ මහතා සදහන් කරයි.

එම නව වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ 90% ක්ම පෙන්නුම් නොකරන බවත් ආසාදිතයින් සමාජය තුළ රෝග වාහකයින් ලෙස කටයුතු කරන බැවින් නව ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය මැදිහත්විය යුතු වුවත් මෙතෙක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නවසීලන්තය සහ ඕස්ට්‍රිලියාව තුළ නව වෛරස් ප්‍රභේදය හඳුනාගැනීමෙන් පසු එහි ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග දියත් කළත් මෙරට බලධාරින් එවැනි ක්‍රියාමාර්ග දියත් නොකර, උත්සව අවස්ථාවන් සීමා කිරීමට සහ මංගල, අවමංගල අවස්ථාවන් සඳහා පුද්ගල සහභාගි වීම සීමාකිරීමේ නීති පනවමින් කටයුතු කරනවා විනා නිසි ඵලදායි වැඩපිළිවෙලක් දියත් නොකරන බවට චෝදනා කරයි.

මෙරටට ගෙනඑන ලද කෝවිඩ් එන්නත් ලක්ෂ 05 ක ප්‍රමාණය ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස හිමිවූ බවත් එම එන්නත් ප්‍රමාණය නිසියාකාරව මෙරට ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් රජයට නොමැති බවත් ඒ පිළිබඳව රජයෙන් විමසන විට එන්නත් පළමුවෙන්ම සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාවට ලබාදෙන බව පවසා සිටින බවත් ඒ අනුව එන්නත්කරණය ආරම්භ වී තිබෙන අතර පළමු එන්නත් මාත්‍රාව ලබාදී දින කිහිපයක් තුළ දෙවන එන්නත් මාත්‍රාව ලබාදිය වුවත් ඒ සඳහා රජය තුළ නිසි වැඩපිළිවෙලක් නොමැති බවට වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරටට හිමිවු එන්නත් ලක්ෂ 05 ම පළමු මාත්‍රාව ලෙස ලබාදීමට කටයුතු කළහොත් එන්නත් අපතේ යාමක් සිදුවන බවත් එම නිසා එන්නත්කරණය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු අතර දෙවන වර මෙරටට ගෙන්වීමට කටයුතු කරන එන්නත් වලින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදෙන බවට මුලින් පවසා සිටියත් අද සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙරටට ලැබී ඇති එන්නත් වලින් එන්නත්කරණය ලබාදීම ආරම්භ කර ඇති බවත් බස්නාහිර පළාත තුළ වෛරස් ව්‍යාප්තිය සීඝ්‍ර වර්ධනයක් පවතින බැවින් එම ජනතාවට ද එන්නත්කරණය සිදුකරන බවට රජය විසින් සඳහන් කර ඇතත් පවතින සීමිත එන්නත් ප්‍රමාණයෙන් මෙම කටයුතු සියල්ල සිදුකළ හැකි දැයි ඒ මහතා රජයෙන් විමසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට