සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විමල්ගේ නාටකයෙන් ජනතාව මුලාකරයි, තිස්ස අත්තනායක…

Podu අද වන විට  ආණ්ඩුවේ අභ්‍යන්තරයේ විශාල බෙදීමක් සිදුවී ඇති බවත් ආණ්ඩුව සම්පූර්ණ වශයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇති අතර ආණ්ඩුව තුල තීරණ ගන්න පාර්ශව දෙකක් බිහිවී ඇති බව සමගි ජන බලවේගය විසින් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර ඇත. මේ සඳහා තිස්ස අත්තනායක සහ  චන්න විකුම් යන  මහත්වරුන් සහභාගී වී ඇති අතර එහිදී අත්තනායක මහතා සදහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යාථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට ඇත්ත තත්ත්වය සඟවමින් රට බංකොලොත් භාවයට පත්කරමින් කටයුතු කරන බවත් කොරෝනා සංඛ්‍යා ලේඛණ තොරතුරු සගවන බවට වෛද්‍ය අංශයේ ඇතැම් නිළධාරින්ද අද වන විට ප්‍රකාශ කරන අතර රට බංකොලොත් කරමින් මේ ආකාරයට කටයුතු කිරීම තරයේ හෙළා දකින බවයි.

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදුවූ හමුව පිළිබඳව වාර්තා කර තිබු බවත් එම සාකච්ඡාවේදී මේ දිනවල දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව විපක්ෂ නායකවරයා වශයෙන් එයට නම් කර ඇති විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ සාකච්ඡා කිරීම් අරමුණ ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාව පැවැත්වු බවත් එහිදි දේශපාලන වශයෙන් එක් වීමක් ගැන නොව හුදෙක්ම දේශපාලන පලිගැනීම් කොමිසම සම්බන්ධවයි සාකච්ඡා කළ බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ තීන්දු තීරණ හා පාලනය කරන්නේ ජනපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වන නමුත් අද අගමැතිතුමාගේ ප්‍රකාශ වලට විරුද්ධ වන මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ද සිටින බවත් මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇතිවී ඇති අතර විමල් වීරවංශ මහතා යම් නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කරන බවත් එය එම පක්‍ෂයේ හෝ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුමක් වන අතර එය සමගි ජන බලවේගයට කිසිදු අයුරකින් අදාළ නොවන බවට ප්‍රකාර කර ඇත.

මේ වන විට රට තුළ කෝවිඩ් අවදානම වැඩි වී ඇති අතර විශාල ආර්ථික අර්බුදයකට රටත් ජනතාවත් ලක්ව ඇති බවත් එවැනි පසුබිමක් තුල විමල් වීරවංශ වැනි පුද්ගලයින් ජනතාවගේ  අවධානය වෙනත් අතකට යොමු කරවීමට කටයුතු කරමින් සිටින බවත් අද රට තුළ උඝ්‍ර ආර්ථික ගැටුමක් ඇති වෙමින් පවතින අතර හාල්, පොල් මිල අඩුවී නොමැති නිසා ජනතාවට දරා ගැනීමට නොහැකි ලෙස ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර ආණ්ඩුව ගොයම් කැපෙන කාලෙට හාල් මිල අඩුවෙනු ඇති බවට පවසා සිටින අතර එම නිසා ජනතාවට සිදුව ඇත්තේ ගොයම් කැපෙනකම් බලා සිටිමට වන අතර ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර එයට විසදුම් ලබාදෙනවා වෙනුවට ජනතාවට සිදුව ඇත්තේ විමල් වීරවංශ මහතාගේ ගැටුම දෙස බලාසිටීමට බව සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ 3/2 ක බලයක් ඉල්ලා සිටිය අතර එම බලය ලැබුණු පසුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය බවට පවසා සිටිය බවත් එම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුවද රටේ බිදවැටීම නතර කිරීමට නොහැකි වී ඇති බවත් නවතම අර්බුදය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ තනතුරක් ජනාධිපතිවරයාට අවශ්‍ය බවට වන අතර එවැනි තත්ත්වයන් තුලීන් රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන බවට හෙතෙම පවසා ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ජනතාවට කිසිදු සෙතක් සිදුව නොමැති බවත් එය වගකීමෙන් පවසා සිටින අතර ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ස්වාමීන් වහන්සේලා ආණ්ඩුවට එරෙහිව කටයතු කරමින් සිටින අතර විල්පත්තුව බේරගන්න වත්මන් ආණ්ඩුවට ඡන්ද දෙන්න යැයි පැවසු ස්වාමීන් වහන්සේලාට අද සිදුව ඇත්තේ මුළු පරිසරයම ආණ්ඩුවෙන් ආරක්‍ෂා කර ගැනීමට වන බව එහිදී චන්න විකුම් මහතා අදහස් දක්වා ඇත.

ආණ්ඩුව අද වන විට භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිකුත් කරනු ලබන්නේ නිහාල් නෙල්සන් මහතා කැසට් පල කරන ආකාරයට බවත් කිසිදු ගැසට් පත්‍රයක් රට තුළ ක්‍රියාත්මක නොවන අතර යහපාලන රජය ලබා දුන් ගැබිනි මව්වරුන්ගේ පෝෂණය මල්ලද ආණ්ඩුව ලබානොදෙන බවත් දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂ ලබා දීමට හෝ කටයුතු නොකරන අතර ජනාධිපතිතුමා වියත් කණ්ඩායමක් වියතමග නැමති සංවිධානය වටා සම්බන්ධ කර ගැනීමට කටයුතු කළත් රට හදන වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැති බවට චෝදනා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට