සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශීය ආයෝජකයින් කැලේට ඇද දමන ආණ්ඩුව මෙරට ඉදිකිරීම් සියල්ල චීනයට ලබාදීලා – සමගි ජන බලවේගය

Podu කිසිම ලැජ්ජාවක් නොමැතිව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරාගැනීමේ ගෞරවයද ආණ්ඩුව ලබාගැනීමට කටයුතු කරමින් සිටින අතර නැගෙනහිර පර්යන්තය ලබා නොදීමේ වාසිය ආණ්ඩුවට ගනිමින් වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කරයි. වැඩි දුරටත් අදහස් දක්වමින් පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ හැසිරීම පිළිබඳව තමා ලැජ්ජාවට පත්වන බවත්, උන්වහන්සේ දින 04 ට පෙර කොරෝනා වෛරසයට බිය නොවන බවත්, එන්නත ලබාගැනීමට කටයුතු නොකරන බවත් පවසා සිටියත් ඊයේ දින පළමුවෙන්ම එන්නත ලබාගැනීමට කටයුතු කර ඇත්තේ උන්වහන්සේ බවත්, එම නිසා බෞද්ධත්වය පෙරදැරි කරගෙන ඡන්දය ලබාදුන් පිරිස, මේ ආකාරයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් පිළිබඳව නැවත සිතා බැලීමට කටයුතු කළ යුතු බවත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියන් කුමන අරමුණක් ඇතිව පාර්ලිමේන්තුවට පැමිණ ඇද්ද යන්න පවා අද වන විට සිතීමට සිදුවන බව හේෂා විතානගේ මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 ක් බව පවසමින් එය සුළු ප්‍රමාණයක් වන නිසා එන්නත ලබාදෙන බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවුල් වල සමාජිකයින්ට, හිතවතුන්ට ද හොර රහසේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතින බවත්, එම සදාචාර සම්පන්න නොවන වැඩපිළිවෙලින් ආණ්ඩුව ඉවත්වීමට කටයුතු කළ යුතු අතර එසේ සිදු නොකර මෙරටට ආධාරයක් ලෙස ඉන්දියාවෙන් ලැබුණු එන්නත් දෙලක්ෂ පනස් දහස හෙවත් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක ප්‍රමාණය දේශපාලඥයින් සහ ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් විසින් ලබාගැනීම දැඩි පිළිකුල් සහගත ක්‍රියාවක් බව පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින බව පැහැදිලි ලෙස සඳහන් කර ඇති බවත්, ඒ සඳහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියළුම ගිවිසුම් වලින් ඉවත්වන බවටද සඳහන් කර ඇති අතර සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික සම්පත් ආරක්ෂාව කරන බවට පවසා සිටියත් එම කොටස අද වන විට ආණ්ඩුව විසින්ම විනාශ කිරීමට කටයුතු කර ඇති අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙරටට 49% ක් සහ ඉන්දියාවට 51% අයිතියක් තබාගෙන සංවර්ධනය සඳහා ලබාදෙන බවට වරාය වෘත්තිය සමිති වලට සහ මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපතිවරයා පවසා සිටියත් රටට ආදරය කරන දේශප්‍රේමී බලවේග සහ මහ සංඝරත්නය, වෘත්තීය සමිති විසින් ගෙනගිය දැවැන්ත අරගලය නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී ආරක්ෂා කරගැනීමට හැකිවු බව හෙතෙම සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් යනු යමක් කමක් පවතින පිරිසක් වන අතර එම නිසා ඔවුන් විසින් සිදුකළ යුතු වන්නේ පුද්ගලික ආයතන හරහා එන්නත් ගෙන්වීම සිදුකරනු ලබන්නේ නම් ඒ හරහා මිලදී ගැනීමට කටයුතු කරනවා මිස රටේ ජනතාවට ලබාදීමට ගෙන්වන ලද එන්නත් ලබාගැනීම නොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එන්නත් ලබාගැනිම පිළිබඳව සමාජය තුළ යම් විරෝධතාවයක්ද මේ වන විට මතුව ඇති බව එහිදී චමින්ද විජේසිරි මහතා සදහන් කරයි. විදේශ දේශපාලන පක්ෂ මෙරටට පැමිණ වසර ගණනාවක් මෙරට තුළ දේශපාලන කටයුතු සිදුකර ඔවුන්ට අවශ්‍ය පරිදි මෙරට තුළ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් වන බවත්, එම නිසා ආණ්ඩුව 20 වන ව්‍යවස්ථාව තුළ ඇතුළත් මෙම භයානකත්වය රටින් තුරන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න විමසා සිටින බවත්, ආණ්ඩුව බලය ලබාගැනීම සඳහා විදෙස් රටවල සහයෝගය ලබාගැනීමට කටයුතු කළ බවත්, එම නිසා මේ ආකාරයට වෙනත් රටවල් වලට මෙරට තුළ කටයුතු කිරීමට නිදහස ලබාදී තිබෙන්නේද යන්න එහිදී විමසා ඇත.

විදේශීකරණයට එරෙහිව කටයුතු කරන බව පවසමින් බලයට පත් ආණ්ඩුව අද වන විට රටේ ජාතික සම්පත් විදේශීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඉන්දියාවට කොකා පෙන්වමින් ශ්‍රි ලංකාව චීනයේ කොළනියක් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, වීනය විසින් ඩෙල්ෆ් දුපතේ සිදුකිරීමට යෝජනා කර ඇති සංවර්ධන කටයුතු සඳහා අසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත්, රට තුළ ආයෝජන දියත් කරනු ලබන්නේ නම් මෙරට සිටින ආයෝජකයින්ට පළමුව ඒ සඳහා ඉඩ ලබාදෙන බව පැවසු පාලකයින් විදුලි උත්පාදන ව්‍යාපෘතිය මෙරට ආයෝජකයින්ට ලබාදීමට කටයුතු නොකර චීනයට ලබාදීමට කටයුතු කරන බවට ඔවුන් චෝදනා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට