සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව අසත්‍ය පතුරවමින් ජනතාව මුලා කරනවා, එක්සත් ජාතික පක්ෂය…

Podu කොරෝනා වෛරසය පාලනය කිරීමේදී ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොමැති අතර අසත්‍ය දත්ත පදනම් කරගනිමින් සහ අසත්‍ය ප්‍රකාශ රටට ප්‍රකාශ කරමින් කොරෝනා වෛරසයට හොදින් මුහුණදෙන බව පවසමින් ආණ්ඩුව ජනතාව මුලාකිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (17) පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ප.ම සන්දිත් සමරසිංහ මහතා ඒ බව අනාවරණය කලේය. ජනවාරි මාසයේ කොරෝනා වෛරසය වැළදුණු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර එම කාලය තුළ මෙරට දරුණු වසංගතයක් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක මෙරට වැඩබලන අමාත්‍යවරයකු පත්කිරීමට රජය සහ ජනාධිපතිවරයාට නොහැකි වූ අතර ඊයේ (16) දිනයේ එම තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන මහතාව පත්කිරීමට කටයුතු කර ඇති බව ඔවුන් සදහන් කරයි.

කොරෝනා වෛරසය වෙනුවෙන් ඉන්දීය රජයෙන් මෙරටට එන්නත් ලක්ෂ 05 ක් ලැබී ඇති අතර එම එන්නත් මෙරට 57000 කට පමණ එන්නත් කිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර ඇති බවත් එම එන්නත ලබාදීමේදී සෞඛ්‍ය අංශයේ කටයුතු කරන නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට, ප්‍රාදේශිය සභාවල සහ නගර සභාවල වැඩකරන සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම එන්නත ලබාදීමේදී වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින්ට ප්‍රථමයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළත් ආරක්ෂක හමුදාවන්ට බැඳුනු අලුත් නිලධාරීන් කොරෝනා වෛරසය මර්දනය කිරීමේ රාජකාරී වල ඉදිරියෙන්ම සිටින බැවින් ඒ ආකාරයට එන්නත ලබාදීමට කටයුතු කළහොත් යම් ආකාරයකට ගැටළුකාරී තත්ත්වයක් මතුවන බවද ඔවුන් අවධාරණය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට