සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරින්ට එන්නත් ලබාදීම සති අන්තයේදි..

Podu කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා රජය විසින් ලබාදෙන එන්නත ලබාදීමට කටයුතු කළ ප්‍රදේශවල එම එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සති අන්තයේදී එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (18) දිනය තුළ ද සිදුකෙරෙන බවත්,  තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ (17) දිනයේදී එන්නත්කරණය ආරම්භ කළද ස්ථාන කිහිපයක පමණක් ජනතා සහභාගීත්වයේ අඩුවක් පැවති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මේ නිසා අද දිනයේදීත් වයස අවුරුදු 30ත් – 60ත් අතර කාණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බවද පැවසීය. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම යන ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන, දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකරන බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට