පෑලියගොඩදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට..
පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පෑලියගොඩ, නුගේපාර ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී අදාළ සැකකාරිය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. 39 හැවිරිදි කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.