සත්‍යයේ පුවත් අඩහැරය….

අවසන් විසදුම ලෙස මෙරට ඇති රත්ත්‍රං විකිණීමටද රජයට සිදුවේ, හර්ෂ ද සිල්වා …

Podu මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ ඉතා කුඩා ප්‍රමාණයක රත්රන් මෙරට පවතින අතර අවසාන පියවර ලෙස ඒවා විකිණීමටද ආණ්ඩුවට සිදුවනු ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. මාධ්‍ය හමුවක් පවත්වමින් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අර්බුදයකට මෙන්ම මෙරට රුපියල සම්බන්ධයෙන් ගැටළු රැසකට මුහුණදීමට ශ්‍රි ලංකාවට මේ වනවිට සිදුව ඇති බවත් වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇත්තේ යහපාලන ආණ්ඩු සමයේදී ගන්නා ලද ණය යැයි රජයේ අමාත්‍ය වරයෙකු පවසා ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි. 2020 දී ගෙවීමට සිදුවූයේ 2010 දී එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෛවරී බැදුම්කරයට අදාළ ගෙවීම් බවත් එම බැඳුම්කරය වැඩි අවදානම් පොලියක් යටතේ අලෙවි කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ වසරේ පෙබරවාරි 01 වනදා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ඉන්දියාවට ගෙවීමට සිදුවූ අතර රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා පසුගිය සති කිහිපය තුළ පමණක් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කර ඇති බවත් ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක පමණ වන සංචිත ප්‍රමාණයක් පමණක් මහබැංකුව සතුව මේ වනවිට පවතින බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි අපනයනකරුවන් අලෙවිකරන සියළු භාණ්ඩ හා සේවාවන් වල ආදායමෙන් 25% ක් රුපියල් වලට පරිවර්තනය කළයුතු යැයි සඳහන් කරමින් පසුගිය සිකුරාදා රාත්‍රියේදී තවත් රෙගුලාසියක් නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට