සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු කොමිෂන් වාර්තාව නැවත අධ්‍යයන කිරීම කුමන්ත්‍රණයක්, පාලිත රංගේ බණ්ඩාර…

Podu පාස්කු කොමිෂන් වාර්තාව නැවත අධ්‍යයන කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම ගැටළු සහගත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. වැඩි දුරටත් අදහස් දක්වමින් එ.ජා.ප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේ කොරෝනා වසංගත තත්ත්වය රටටම බලපාන ප්‍රබල ප්‍රකාශයක් බවට පත්ව ඇති බවත්, මෙයට මුහුණදීමට රජයට නිසි සැලැස්මක් නොමැති අතර මාධ්‍යවේදීන්ට කොරෝනා එන්නත ලබාදීමට කිසිදු සැලැස්මක් නොමැති බවත්, මාධ්‍යවේදීන් යනු සමාජය තුළ නිතර සිටින පිරිසක් වන නිසා එම පිරිස ආරක්ෂා කළ යුතු බවත්, එම පිරිස් රෝග වාහකයන් බවට පත්වීම වැලැක්වීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා කළ යුතු වන්නේ මාධ්‍යවේදීන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට පියවර ගැනීම වුවත් මේ දක්වා ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කර නොමැති බවයි.

මෙරටට මේ වන විට එන්නත් මාත්‍රා ලක්ෂද 05 ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් හිමිවී ඇති අතර සෞඛ්‍ය අංශ වල ඉලක්කය වී ඇත්තේ එන්නත් මිලියන 1.6 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට වන අතර ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් මෙතෙක් සකස් වී නොමැති අතර මෙම තත්ත්වය නිසා මාස 03 ක් ඇතුලත සමස්ත රට වැසියන්ට එන්නත් ලබාදී රට තුළ කොරෝනා මර්ධනය කිරීමට ආණ්ඩුවට නිසි සැලැස්මක් නොමැති බැවින් මාස 03 ක් වැනි කාලයක් තුළ ආණ්ඩුව පවසන ආකාරයට මෙරටින් කොරෝනා වසංගතය තුරන් කිරීමට නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.

රටේ ජනතාවගේ විශාල මුදලක් වැය කළ පත්කරන ලද කොමිෂන් සභා වල වාර්තාවන් හමස් පෙට්ටියට දැමීම සිදුවුවා මිස රටට කොමිසම් සභා වලින් කිසිදු සෙතක් සිදුනොවු බවත්, පාස්කු කොමිෂන් වාර්තාවද එවැනි තත්ත්වයකට පත්කිරීමට කටයුතු කරමින් සිටිනවාද යන සැකයද මතුවන අතර උගතුන් විසින් සකස් කරන ලද අදාළ නීතිපතිවරයා වෙත හෝ අනෙකුත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු නොකර මේ ආකාරයට කටයුතු කරන්නේ කුමක් නිසාද යන පැහැදිලි සැකයක් පවතින බව ඔවුන් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් යහපාලන ආණ්ඩු සමයේදී රාජපකෂවරුන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන බවත්, එවැන්නක් සිදුවුයේ නම් යහපාලන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අවස්ථාව තිබු බවත්, එවැන්නක් සිදුනොකර වර්තමානයේදී මේ ආකාරයට පැවසීම ඔවුන් දැඩි ලෙස හෙළා දකියි.

රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක ඩීල් දේශපාලනය සිදුනොකළ බවත්, නීතිඥයින් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන අතර රනිල් වික්‍රමසිංහ මහතා යම් යම් අය සමග ඩීල් දැමීමට කටයුතු කළේ නම් බටලන්ද කොමිසමට ගොස් සාක්ෂි ලබාදීමට කටයුතු නොකරනු ඇති බවත්, එතුමා අගමැතිවරයා ලෙස ජනාධිපති කොමිසම හමුවට ගොස්ද සාක්ෂි ලබාදීමට කටයුතු කළ අතර එතුමා නීතියට සහය දක්වනවා මිස ඩීල් දැමීමට කටයුතු නොකරන බවත්, දේශපාලන පළිගැනීම් කොමිසම් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

කාන්තා පොලිස් නිලධාරින්යක් මෙරට පොලිස්පති ධුරයට පත්වීම කිසිදු ගැටළුවක් නොමැති බවත්, මේ වන විට දේශපාලන පළිගැනිම් බව සඳහන් කරමින් නිලධාරීන් 84 දෙනෙකුගේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්, යහපාලන ආණ්ඩු සමයේදී පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම මෙන්ම ව්‍යවස්ථාදායක සභාවද ක්‍රියාත්මක වු බවත්, එම නිසා එම කාලය තුළ දේශපාලන පළිගැනීම් දියත් නොවු බවත්, පසුගිය ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීමට ලක්වු බව පවසමින් සිය රජයේ ජ්‍යෙෂ්ඨත්වය ඉහළ දමාගැනීමට නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට