ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව අද රැස්වෙයි..
සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව අද (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙහිදී පක්‍ෂයේ තනතුරු වලට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.