සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවට බියව සිටින ආණ්ඩුව එය යට ගැසීමේ උත්සාහයක නිරතව සිටිනවා – සමගි ජන බලවේගය

Podu ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අකමැත්තෙන් බව ඔවුන්ගේ හැසිරීමෙන් තේරුම් ගැනීමට හැකිවූ බව වාර්තාවේ පිටු ගලවා, නිර්දේශ කුණු බක්කියට දමා ඉදිරියට යාමට ආණ්ඩුව දැරූ උත්සාහයට එරෙහිව කාදිනල්වරයා නිර්භීතව කටයුතු කළ බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (25) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

කාදිනල්වරයා නිහඬ කර උන්වහන්සේගේ හඬ යටපත් කිරීමේ අරමුණින් අද වන විට යම් යම් බලවේග ක්‍රියාත්මක වෙමින් සිටින බවක් පෙනීයනවා. පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසියක් ලබාගත්තේ කවුරුන්දැයි මෙන්ම වසර දෙකක් ගතව ඇතත් මෙම ප්‍රහාරය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුනොකළේ මන්දැයි හොඳින් දන්නා නිසා යම් හෙයකින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිවනු ඇතැයි යන බියෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ කවුරුන්දැයි පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකළ යුතුයි. සාරා සහ අබුහින් නැමැති පුද්ගලයින්, ප්‍රහාරයට තිබෙන ඉන්දියානු සහ වෙනත් විදෙස් සබඳතා, දේශපාලන නායකයින්ගේ සබඳතා, මුදල් සහ දැනුම, ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වෙත වැටුප් ගෙවීම, ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බුද්ධි අංශ වැනි කරුණු රැසක් පිළිබඳ ගැටළු රැසක් මෙම වාර්තාව මගින් ඉතිරි කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ පවා අසමත්, නිසි දැනුමක් නොමැති අමාත්‍යවරුන් පිරිසකට වාර්තාව අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදීම සමග සාධාරණයක් කළහැකිදැයි ආණ්ඩුවෙන් විමසනවා. අවම තරමින් අධිකරණ සහ පොලිසිය භාරව සිටින අමාත්‍යවරුන්ට හෝ එම කාර්යය භාරදුන්නේ යම් තරමකට හෝ සෑහීමකට පත්වීමට හැකිව තිබුනා.

වාර්තාව යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, එම වාර්තාවේ නිර්දේශ හමුවේ විශාල ගැටළුවකට මුහුණදී සිටිනවා. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් මෙරට අහිංසක ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්නැයි මෙන්ම වගකීම ගෙන පොරොන්දුවූ පරිදි කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයට පවතින විදෙස් සම්බන්ධතා පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුයි.

ඉන්දීය බුද්ධි අංශය මෙන්ම වෙනත් විදෙස් බුද්ධි කිහිපයක් විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටියා. ලොව රටවල් කිහිපයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කර යම් යම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැනවීම පිළිබඳ අප ලැජ්ජා වියයුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අප ඉල්ලා සිටි අවස්ථාවේදී ආණ්ඩුවේ පිරිස් සිදුකරන ලද බාධා කිරීම් අනුව වාර්තාව එළිදැක්වීම පිළිබඳ ආණ්ඩුවේ පාර්ශවය තුළ කැමැත්තක් නොමැති බව මනාව පැහැදිලි වුනා. එසේ බාධා කරන්නේ මන්දැයි විමසීමට සිදුවනවා. අප සිදුකළේ කිසිවෙකුට චෝදනා කිරීම නොව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටීම පමණයි.

වාර්තාව රටට හෙළිකරන්නැයි කාදිනල්තුමා පවා ඉල්ලීමක් සිදුකළා. මෙරට නීතිවලින් ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය රටට හෙළි නොවුනහොත් එම ගැටළුකාරී තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙනයාමට ජනතාව අනිවාර්යයෙන්ම කටයුතු කරාවි. වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් සිදුවූයේ නම් කඩිනමින් පරීක්ෂණ සිදුකර චූදිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවත් මෙරට තුළ එවැන්නත් සිදුවන්නේ නෑ.

පාස්කු ප්‍රහාරයෙන් මෙරට පුද්ගලයින් පමණක් නොව විදේශිකයින් විශාල ප්‍රමාණයක්ද මිය ගිය බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය කෙබඳුදැයි එම විදෙස් රටවල් විමසිල්ලෙන් බලා සිටිනවා. අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින තුනක පාර්ලිමේන්තු විවාදයක් බලාපොරොත්තු වනවා. ප්‍රහාරය වළක්වා නොගැනීමේ නොහැකියාව පමණක් නොව එම ප්‍රහාරය පසුපස සිටින පුද්ගලයින් පිළිබඳවද එහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

අදාළ විමර්ශන රට තුළම සිදුකර, මෙරට නීතිය තුළින් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතුයි. ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවට යාමේ හදිසියක් අප තුළ නෑ. ආණ්ඩුවට සම්බන්ධ යම් යම් පිරිස් වෙත අවාසි වනු ඇතැයි බියට පත්ව කාදිනල්වරයාට ප්‍රහාර එල්ලකරමින් තිබෙනවා. කාදිනල්වරයා තුළ පැවති ශක්තිය හේතුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වන වාර්තාව රටට එළිදැක්වුනා.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට මෙරට නීතියෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරා ගමන් කරන්නේ යැයි කාදිනල්තුමා පැවසුවා. එම මතයේ සිට කටයුතු කිරීමට අපටද සිදුවේවි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සත්‍යය රටට හෙළිවිය යුතුයි. පාස්කු ප්‍රහාරය පසුපස සිටි පිරිසට දඬුවම් හිමිවිය යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළකල ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් අද වනවිට නිහඬව සිටීම පිළිබඳ කණගාටු වනවා.

හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් හැර වත්මන් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳ විමසූ විට පොලිසිය භාර අමාත්‍යවරයා නිහඬව සිටියා. පසුගිය ආණ්ඩුව තුළ යම් යම් වැරදි පැවතියත් එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත්තා. නමුත් පසුව එම විමර්ශන සියල්ල මන්දගාමී ස්වරූපයකට පත්වුනා. අදාළ විමර්ශන සඳහා ආණ්ඩුවේම පිරිස් විසින් බාධා කිරීම පිළිබඳ කණගාටු වනවා.

සිය බලය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව අදහස් පළකිරීමට ආණ්ඩුවේ පිරිසට සිදුව තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට