නවම් පුර පසළොස්වක පොහොය අදයි..
බෞද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (26) යි. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයින් හට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම වැනි සිදුවීම් මෙම පොහොය දිනයේදී සිදුව තිබේ.