සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ බලය සියතට ගෙන ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව නීති විරෝධීයි – සමගි ජන බලවේගය

Podu කිසිදු විටෙක අධිකරණයක් බවට පත්නොවන, යම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා පමණක් පත්කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට කිසිසේත්ම නඩු තීන්දු ලබාදීමට නොහැකි බවත්, විමර්ශනය කරනු ලබන තොරතුරු අනුව දියත් කළයුතු නෛතික කටයුතු පිළිබඳ තීරණයකට එළඹෙන්නේ නීතිපතිවරයා විසින් පමණක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (04) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් අදහස් පළකරන ලදී.

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව තොරතුරු සෙවීම වෙනුවට අධිකරණ බලය සියතට ගෙන තිබෙනවා. එය නීති විරෝධී තත්ත්වයක්. අධිරණය වෙත කරන අපහාසයක්. යම් අධිකරණයක් විසින් ලබාදෙන ලද තීන්දුවක් වෙනස් කළ හැක්කේ එම අධිකරණයට ඉහළ අධිකරණයකට පමණයි.

නමුත් දේශපාලන පළිගැනීම් පිළිබද වාර්තාව තුළින් මිනීමැරුම් නඩු සම්බන්ධයෙන් ලබාදී ඇති අධිකරණ තීන්දු පවා වෙනස්කර තිබෙනවා. ආණ්ඩුවට හිතවත් පිරිස්වලට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ අත්හිටුවා පැමිණිලිකරු විත්තිකරු බවට පත්කිරීමත් සිදුකර තිබෙනවා. මෙම තත්ත්වයට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්රීීවරුන් 40 ක පමණ පිරිසකගේ අත්සනින් යුතු පෙත්සමක් අගවිනිසුරුවරයාට භාරදුන්නා.

නීතියට අනුව කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට යොමුකළ යුතු නමුත් ආණ්ඩුව එසේ වාර්තාව ලබාදීම හිතාමතාම ප්‍රමාද කිරීමේ උත්සාහයක නිරතව සිටින බවක් පෙනීයනවා. වාර්තාව සඟවන්නේ මන්දැයි අපි විමසනවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යම් කතාබහක් මතුව තිබෙන අතර එම මැතිවරණය පවත්වනු ඇද්දැයි සැක සහිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇන්දවීම සඳහා තමයි පළාත් සභා මැතිවරණය පවත්වන බව ආණ්ඩුව පවසා ඇත්තේ. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සමස්ත පාර්ලිමේන්තුවම තේරීම් කාරක සභාවක් බවට පත්කිරීම වඩා නිවැරදි ක්‍රමයයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩුව තුළ එකඟතාවයක් නැති බව වාර්තා වනවා. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අප නව යෝජනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා. මෙය ඇස් බැන්දුමක්. මෙය මැතිවරණ කල්දැමීම සඳහා ආණ්ඩුව දියත්කර තිබෙන උපක්‍රමයක්. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යහපාලන ආණ්ඩු නිසිලෙස කටයුතු කළා. අද වනවිට ගෙදර යන ගමන් තමයි ව්‍යවස්ථා සකස් කරන්නේ. අවම වශයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළහොත් පමණක් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු සඳහා අප ඉදිරිපත් වන බව දන්වා තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම නිසිලෙස සිදුකළා.

ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳ අප මුලින්ම කරුණු දැනගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සම් රැගෙන යාමෙන් පසුවයි. ඒ අනුව මෙරට සංස්කෘතියට මුලින්ම ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළත් කළේ මහින්ද රාජපක්ෂ මහතායි.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට