සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අන්තවාදී කල්ලි බිහිකරමින් රට පාලනය කිරීම පමණයි – හරීන් ප්‍රනාන්දු

Podu ප්‍රහාරයට සම්බන්ධ සියළු තොරතුරු ඇතුළත් නොවන බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයේ වන වාර්තාව මඟින් සාර්ථක නිගමනයන්ට පිවිසිය නොහැකි බවත් මෙම වාර්තාව කාදිනල්තුමා විසින් භාර නොගන්නා බවද පවසා තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. ඊයේ (04) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකළ හරීන් ප්‍රනාන්දු මහතා, එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වන ලදී.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණයක් ඉටුකරන බව පවසමින් බලයට පැමිණියත් එවැනි සාධාරණයක් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නෑ. පාස්කු ප්‍රහාරය කොන්ත්‍රාත්තුවක් යැයි සැකයක් පවා මතුවනවා. කතෝලික ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර යම් භේදයක් ඇතිකර ජනතාව කෙටවීම මෙමගින් සිදුවුනා.

කතෝලිකයින් වෙසෙන භූමියක මුස්ලිම් ජනතාව මළ සිරුරු භූමදානය කිරීමට තීරණය කරලා. යළිත් කතෝලික ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර වෛරයක් ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පේනවා.

ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අන්තවාදී කල්ලි බිහිකරමින් රට පාලනය කරගෙන යාම පමණයි. මෙරට මාධ්‍ය කටයුතු කරන්නේ ජඩ මාධ්‍යයන් ලෙස. පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි.

පාස්කු ප්‍රහාරයේ වාසිය හිමිවූයේ ආණ්ඩුවටයි. ඒ අනුව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්ව වන සියළු කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි. කාදිනල්තුමා කළු ඉරිදාවක් නම් කර තිබෙනවා. එම විරෝධතාවයට අපද එකඟ වනවා.

කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ ඝාතනය සම්බන්ධව පුවත් මෙම දිනවල වාර්තා වනවා. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා මගින් අදාළ පොලිස් නිලධාරීයා සිය ආරක්ෂ්ක අංශයේ කටයුතු කළ බවට වාර්තා කර තිබුනා. පහත් තත්ත්වයකට මෙරට මාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මේ ආකාරයටපත්වීම පිළිබඳව දැඩි කණගාටුවක් පවතිනවා. මෙම සිද්ධිය පිළිබඳව මීට වඩා සංවේදී ලෙස කටයුතු කළ යුතුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට