දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (06) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව යන පළාත්වල මෙන්ම මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද දිනය තුළ විටින්විට වැසි ඇතිවීමේ ඉඩක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව පස්වරුවේ සහ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.