සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේම පිරිස් ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu ලක්ෂ හැට නවයක ජනතාව මෙන්ම ගව ඝාතනය තහනම් කරන බව පවසමින් ගවයින් පවා රවටන ලද වත්මන් ආණ්ඩුව, බලය ලබාගැනීමේ වුවමනාව ඕනෑම දෙයක් සිදුකරන තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගය අවධාරණය කරයි. ඊයේ (05) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් මෙම අදහස් පළකර තිබෙන අතර ඒ මහතා එහිදී පහත පරිදි තවදුරටත් අදහස් පළකර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා විසින් පළකර තිබෙන අදහස් රැසක් පුවත්පත් තුළ පළව තිබෙනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල මෙරට ජනතාවගේ පිළිකුලට ලක්වෙමින් තිබෙන බව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන චන්දිම වීරක්කොඩි මහතා විසින්ම පවසා තිබෙනවා. ඒ අනුව වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අමුතුවෙන් යමක් පැවසීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නෑ.

මෙරට පරිසරය, ආර්ථිකය, ජනතා සෞඛ්‍ය, බොරළු සහ වැලි කඳු පවා ආණ්ඩුවෙන් බේරාගැනීමට ජනතාවට සිදුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව, කන්දක් විළි ලා මී පැටියෙන් ප්‍රසූත කළ ආකාරයේ වාර්තාවක් ලෙස පෙන්වා සිය හැකියි. තමන් බලයට පත්වූ පසු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස් සති දෙකක කාලයක් තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ යැයි ජනාධිපතිවරණයට පෙර කාදිනල්වරයා හමුවූ ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. නමුත් මේ වනතෙක් එවැන්නක් සිදුව නෑ. මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් අහුමාන් මහතාද සහභාගි වී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට