සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගජ මිතුරන්ගේ ග්‍රහණයෙන් රට මුදාගෙන ජනතාවට බියෙන් තොරව පොල්තෙල් භාවිතා කළහැකි පරිසරයක් නිර්මාණය කර දෙන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu බලවත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවත් රටේ ආදායමෙන් 10% කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින එම ව්‍යාපාරික ප්‍රජාවට භාණ්ඩ මිල හෝ වාහන මිල ආදිය කෙතරම් ඉහළ ගියද ගැටළුවක් නොවන අතර ඉන් ඔවුන්ගේ ජීවන රටාවේද කිසිදු වෙනසත් ඇති නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (29) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා එහිදී පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

භාණ්ඩ මිල ගණන් ඉහළයාම ගැටළුවක් බවට පත්වන විශාල පිරිසක් රට තුළ සිටිනවා. වත්මන් ආණ්ඩුවේ ප්‍රපත්ති හමුවේ බැටකමින් අසරණභාවයට පත්ව ඇති එම කණ්ඩායම තුළ සිටින සමෘද්ධිලාභීන්ගේ තැන්පතු භාවිතා කරමින් පසුගිය සමය තුළ රුපියල් 5000/- ක දීමනාවක් ලබාදුන් ආණ්ඩුව, අදාළ මුදල යළි එම සමෘද්ධි ලාභීන්ගේ ගිණුම් වෙත බැරකිරීමට කටයුතු කර නෑ.

පොල්තල් පිළිබඳ බියක් ඇතිව තිබෙන බැවින් පොල්තෙල් මිලදී ගැනීමට බියවිය යුතු තත්ත්වයට මෙරට ජනතාව පත්ව සිටිනවා. පිළිකාරක සහිත, ආනයනික පොල්තෙල් මෙරට වෙළදපොල තුළ පවතින බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් පසුගියදා පැවසුවා. නමුත් එවැනි පොල්තෙල් තොගයක් මෙරට වෙළඳපොල කරා ගොස් නැතැයි තවත් පිරිසක් පවසා සිටිනවා. ආනයනික පොල්තල් සම්බන්ධයෙන් එක් එක් දිනයන් වල විවිධාකාරයේ ප්‍රවෘත්ති පළවනවා. ඉන් වත්මන් ආණ්ඩුවේ අසමත්භාවය කෙතරම්දැයි පෙනීයනවා. ඒ අනුව පොල්තෙල් මිලදීගැනීම පිළිබඳ ජනතාව තුළ යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. පොල්තෙල් සම්බන්ධයෙන් නිල, පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ගජ මිතුරන්ගේ ග්‍රහණයෙන් රට මුදාගෙන ජනතාවට බියෙන් තොරව පොල්තෙල් භාවිතා කළහැකි පරිසරයක් නිර්මාණය කර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කළයුතුව ඇත්තේ සීනි බදු මඟින් වංචාකිරීම වැනි දේ නොවෙයි. ජනතාවට සහන ලබාදීමයි.

රට තුළ උද්ගතව තිබෙන ගැටළු සඳහා විසඳුම් ලබානොදී විශාල මුදලක් වැයකර නව ගැටළු සොයමින් ගමින් ගමට යන ජනාධිපතිවරයා, ජනතා ගැටළු පසෙකලා තමන්ට පවතින ගැටළු ජනතාවට පවසන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මෙය ජනතාව අතර හාස්‍යයට ලක්වෙමින් තිබෙනවා.

පෙර පාසල් සහ පාසල් විවෘත කර තිබෙන බැවින් ජනතා මුදලින් පිහිටුවන ලද කොවිඩ් අරමුදලෙහි පවතින මුදල් හෝ යොදවා එම පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සුනාමි අරමුදලට සිදුවූ දෙය කොව්ඩ් අරමුදලටද සිදුවිය හැකි බව අවධාරණය කළහැකියි.

අවුරුදු සමය තුළදී හෝ ජීවන බර අඩුකර ජනතාවට සැහැල්ලුවක් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පැවති යහපාලන ආණ්ඩුව, සිය දින 100 වැඩපිළිවෙල තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කරවමින් තීරණ රැසක් ක්‍රියාත්මක කළා. අවුරුදු සමයේදී නායකයින් ආහාර අනුභව කරන ආකාරය රූපවාහිනියෙන් නරඹා දත්මිටි කෑමට මෙරට ජනතාවට සිදුවේවි. සිය නොහැකියාව වසාගැනීම සඳහා පැවති ආණ්ඩුවට චෝදනා එල්ලකරන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව අප විවිධ ක්‍රියාමාර්ග දියත් කරනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

පසුගිය මැතිවරණ කාලයන් තුළ ජනතාවට තෙල බෙදූ වත්මන් ආණ්ඩුව මේ වනවිට පොල්තෙල් වලින් නාගෙන සිටිනවා. රට තුළ මේ වනවිට ගැටළු රැසක් මතුව තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇතත් එසේ ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ.

කොරෝනා වසංගතය හමුවේ ඇතැම් ආයතනයන්ට වාසි සහගත තත්ත්වයක් ඇති වුනා. ඛනිජ තෙල් සංස්ථාවත් එසේ වාසි ලැබූ ආයතනයක්. පැවති යහපාලන ආණ්ඩුව බලයෙන් ඉවත්වන විට ලෝක වෙළඳපොල තුළ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 71.47 ක් වුනා. එහිදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 137/- කට අලෙවි වුනා. 2020 අප්‍රියෙල් මාසය වන විට ලෝක වෙළඳපොලෙහි තෙල් මිල පහළ යාම මත පෙට්‍රල් ලීටරයක වියදම රුපියල් 17.50 ක් දක්වා අඩුවුනා. නමුත් මෙරට පෙට්‍රල් අලෙවි කරන්නේ රුපියල් 137/- යි. ඒ අනුව අදාළ කාලය තුළ පෙට්‍රල් ලීටරයකින් ආණ්ඩුව රුපියල් 120/- ක ශුද්ධ ලාභයක් උපයනවා. ඩීසල් සම්බන්ධයෙන් වන තත්ත්වයත් මීට සමානයි.

අද වනවිට ලෝක වෙළඳපොලෙහි තෙල් මිල පහළ යමින් තිබෙනවා. මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නේ කුමන පදනමකින්දැයි බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමට සිදුවනවා.

පසුගිය සමය තුළ මෙරට සමස්ත ආනයනය විශාල ලෙස අඩුවූ අතර ඛනිජ තෙල් ආනයනය අඩුවීම මඟින් රජයට කෝටි 25000 ක මුදලක් ඉතිරිවුනා. එම මුදල බැරකර පිහිටුවා ගන්නා ස්ථායිකරණ අරමුදල තුළින්, ලෝක වෙළඳපොල තුළ තෙල් මිල ඉහළයන විට ජනතාවට පීඩනයක් ලබානොදීමට කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන මහතා පැවසුවත් මේ වනවිට එම මුදල් වාෂ්පවී ඇද්දැයි විමසා සිටිනවා. එම මුදලට සිදුව ඇත්තේ කුමක්දැයි රටට හෙළිකළයුතුයි.

පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව ජනතාවට කිසිදු ඉන්ධන මිල සහනයක් ලබාදුන්නේ නෑ. ඉන්ධන මිල වැඩිකිරීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තරයේ තෙල් මිල ගණන් අනුව නොව ආණ්ඩුවේ අවපාලනය නිසාවෙනුයි. මාරු කළ යුත්තේ කට්ට ගෙවී තිබෙන රථවාහන වල ටයර් නොව කට්ට ගෙවෙමින් තිබෙන ආණ්ඩුවයි. සූවස් ඇළ පිළිබඳ පවසා මෙරට ඉන්ධන වැඩි කළයුතු බව පැවසීම පිළිගන්න බෑ. ඉන් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි. මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා ලංසු කැඳවීමේදී ලොව ප්‍රධාන සැපයුම්කරුවන් ඒ සඳහා ඉදිරිපත්ව නැහැ. ඒ මෙරට මූල්‍ය තත්ත්වය සහ රට පිළිබඳ පවතින අවිශ්වාසය නිසයි. මෙරට ඉන්ධන සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඛනිජ තෙල් අමාත්‍යවරයා තෙල් නැවකට නැඟ තනියම ආතල් එකක් ගන්නවා. පොල්තෙල් සහ බොරතෙල් යන දෙවර්ගයෙන්ම ආණ්ඩුව නාගෙන තිබෙනවා. ඉන්ධන මිල අඩු කිරීම සඳහා ආණ්ඩුවට වගකීමක් පවතිනවා. ඒ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ගවල මිල ගණන් වහාම පහළ දමා ජනතාවට යම් සහනයක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා තිබෙනවා.

ආණ්ඩුව බලයට පැමිණි වහාම වැට් බදු අඩුකළ ද ඉන් භාණ්ඩ මිල අඩු වුනේ නෑ. එහිදී රටට අහිමිවූ බදු අදායම ගියේ කාගේ සාක්කුවටදැයි විමසා සිටිනවා. රටේ බහුතර ජනතාවක් දැඩි පීඩනයකට පත්ව ඇතත් ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව කටයුතු කර නෑ. රට තුළ උද්ගතව තිබෙන මූල්‍ය අර්බුදය නිර්මාණය කළේ වත්මන් ආණ්ඩුවමයි.

සහල් මිල පාලනය නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසා සිටියත් ඊට නිසි පිළිතුරක් ලබාදීමට ආණ්ඩුවට නොහැකිව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීමේ අවස්ථාවක් නොමැති අතර මෙමගින්ද ආණ්ඩුවේ නොහැකියාව හෙළිවනවා.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අන් සියළු අංශයන්ගෙන් අසමත්ව සිටින අතර රාජ්‍ය තාන්ත්‍රිකවද අසමත් බව ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය පරාජය වීම අනුව පෙනීයනවා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දඩයම් කිරීම, මාධ්‍ය මර්දනය වැනි ගැටළුකාරී තත්ත්වයන් හමුවේ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරටට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ අනුව එයද ආණ්ඩුව විසින්ම ඇතිකරන ලද තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි.

මැතිවරණට පෙර පවසන ලද දෑ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන වත්මන් ආණ්ඩුව, ඊනියා වියතුන් කණ්ඩායමට පමණක් අසාධාරණ ලෙස අදායම් උපයා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ලොව හොඳම බුද්ධි අංශය මෙරට තුළ ඇතිකරන බව මෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබාදෙන බව බලයට පැමිණීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවසුවා.

නමුත් එවැනි බුද්ධි අංශයක් ඇතිකිරීමට හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නෑ. එවැන්නක් සිදුවන බවත් පෙනෙන්නටත් නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට