සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ කටයුතු හමුවේ “මාර වැඩේ ලංකාවට වුනේ” යැයි පැවසීසීමට සිදුවෙලා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ

Podu පවතින ක්‍රමවේදයේ වෙනසක් සිදුකරමින් රට සංවර්ධන කරන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බවත් ඒ අනුව ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා පෙරට පැමිණි ස්වාමීන් වහන්සේලාම මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විවිධ අදහස් පළකරමින් සිටින බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේය.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටින ලදී.

එක් රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක කරන බව පවසමින් තමයි වත්මන් ආණ්ඩුව බලයට අවේ. නමුත් එවැනි තත්ත්වයක් අද රට තුළ දකින්න නෑ. යාපනය නගරය ආශ්‍රිතව යම් නිල ඇඳුමකින් සැරසුනු පිරිසක් නීති විරෝධී ලෙස වාහන හසුරවන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළා. එසේ තොරතුරු හෙළිකිරීමෙන් පසු තමයි එවැන්නක් සිදුවන බව ආණ්ඩුව දැනගත්තේ.

ආණ්ඩුව බලයට ආවේ බුද්ධි අංශ ශක්තිමක් කර රටේ ආරක්ෂාව තහවුරු කරන බව පවසමිනුයි. ද්‍රවිඩ ජාතික සංවිධානය විසින් මෙවැන්නක් සිදුකළේ නම් ආණ්ඩුව මීට පෙර මෙය දැනගනීවි. නමුත් යාපනය නගර සභාව පාලනය කරන්නේ ඩග්ලස් දේවාන්නද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානයයි. ඒ අනුව මෙම සිදුවීමද දේශපාලනීකරණය වී ඇතැයි පෙනීයනවා. එක් රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක නොවන බව පෙනීයනවා.

කොළඹ වරාය නගරයේ පාලනයට කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා පනත් කොටුම්පතක් ඉදිරිපත්ව තිබෙනවා. ජනාධිපතිවරයා පත්කරන සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුතු එම කොමිෂන් සභාව, පාර්ලිමේන්තුවට වගනොකියන්නේ නෑ. කොළඹ වරාය නගරය තුළට ගොස් යම් භාණ්ඩයක් මිලදී ගෙන පිටතට පැමිණෙන විට බද්දක් ගෙවීමට ශ්‍රී ලාංකිකයින්ට මේ අනුව සිදුවනවා.

ගෘහ කර්මාන්තයක් ලෙස කසිප්පු නිෂ්පාදනය නීතිගත කරන ලෙස පවසමින් පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම සදහා ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ලිපි යොමුකරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මේ වනවිට රට පුරා දැවැන්ත වන විනාශයක්ද සිදුවෙමින් පවතිනවා. විස සහිත පොල් තෙල් තොග විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබෙන අතර එම පොල් තෙල් වල පිළිකා කාරක අන්තර්ගත නොවන බව පරීක්ෂණ මඟින් තහවුරුවී ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව නොමඟ යැවීමට කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතාම විස සහිත පොල් තෙල් ප්‍රති අපනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි පසුව පැවසුවා. පොල් සංවර්ධන මණ්ඩලය විසින් මෙරට නිෂ්පාදනය කරන පොල් තෙල් සඳහා ප්‍රමිතියක් ලබාදෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ කටයුතු කරන ලද 2005 වසරේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග 25% ක ප්‍රමාණයක් මිශ්‍ර කළ හැකි බව සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන නමුත් වත්මන් ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් පිළිබඳ අදහස් පළකරමින් සිටිනවා.

පොල් තෙල් සඳහා යම් තෙල් වර්ගයක් මිශ්‍ර කරන්නේ නම් එම සංඝටක සියල්ල අදාළ ලේබලයෙහි අන්තර් ගත කළයුතු බව සඳහන් කරමින් 2016 ඔක්තෝම්බර් මස 07 වන දින යහපාලන ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. 2005 දී නිකුත් කළ ඉහත ගැසට් පත්‍රය ඉවත් නොකර පොල් තෙල් ගැටළුවට විසඳුමක් ලැබෙන්නේ නෑ. පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වීමට අවසරදී ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව බව පැවසෙනවා. ආණ්ඩුව හිතා මතාම ජනතාවට වස කැවීමට උත්සාහ කර තිබෙන බවක් ඒ අනුව පෙනීයනවා. විස සහිත පොල් තෙල් ප්‍රති අපනයනය කරන බව පැවසනවා. ෆාම් තෙල් ගෙන්වීම ද තහනම් කර තිබෙන නමුත් එවැන්නක් සිදුකිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි.

මෙරට නිපදවන පොල් තෙල් වල ප්‍රමිතිය තහවුරු කරමින් පොල් සංවර්ධන මණ්ඩලය එම පොල් තෙල් සඳහා තරු 05 ක ලාංඡනයක් ලබාදෙනවා. මෙය 2018 දී එවක යහපාලන ආණ්ඩුව විසින් ඇතිකරන ලද්දක්. මෙරට තුළ පොල් තෙල් නිෂ්පාදකයින් 25 දෙනෙකු පමණ සිටිනවා. පොල් සංවර්ධන මණ්ඩලය තරු ලාංඡන දී ඇත්තේ ඉන් නිෂ්පාදකයින් 07 කට පමණයි. ඒ අනුව රටට සුදුසු පොල්තෙල් ඉදිරිපත් කළ හැක්කේ එම නිෂ්පාදකයින් 07 දෙනාට පමණයි. රටට අවශ්‍ය තරම් පොල් තෙල් තොග වෙළඳපොළට නිකුත් කරන්නේ කෙසේදැයි යන ගැටළුව මතුවනවා. ඒ අනුව ජනතාව පීඩාවට පත්වේවි.

පොල් මිල අනුව මෙරට තුළ පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් පොල් තෙල් මිල විශාල ලෙස ඉහළ යාවි. දිස්ත්‍රික්ක සියල්ල තුළින් ලබාගන්නා ලද පොල් තෙල් සාම්පල අතරින් දිස්ත්‍රික්ක කිහිපයක පොල් තෙල් සාම්පල තුළ අදාළ ප්‍රමාණයට වඩා පිළිකා කාරක අන්තර්ගතව ඇතැයි වාර්තා වුනත් පොල් තෙල් වල පිළිකා කාරක නොමැති බව ආණ්ඩුව පවසනවා.

දංකොටුව ප්‍රදේශයේදී රේගු භාරයට ගත් පොල් තෙල් තුළ, අදාළ ප්‍රමාණයට වඩා පිළිකා කාරක තිබී ඇතැයි වාර්තා වනවා. පොල් තෙල් අංශු ලක්‍ෂයක් තුළ පිළිකා කාරක අංශු තිබිය හැක්කේ 30 ට වඩා අඩුවෙන් යැයි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් එම ප්‍රමාණය 10 ට වඩා අඩුවිය යුතු යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයදැයි යන ගැටළුව මතුවනවා.

කුකුළ් මස් අලෙවි කරන වෙළඳ සැල් වසා ඇති ආකාරය දැකගැනීමට හැකියි. ආණ්ඩුව ගැසට් පත්‍ර නිකුත් කර යළි හකුළා ගන්නවා. කුකුළ් මස් කිලෝවක් රුපියල් 430/- ක් ලෙස සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතත් මේ වනවිට කුකුළ් මස් කිලෝවක් රුපියල් 800/- ක් පමණ වනවා. යම් හෙයකින් වැඩි මිලට මස් අලෙවි කළහොත් එම පිරිස් අත්අඩංගුවට පත්වනවා. ඒ අනුව මෙම තත්ත්වය විශාල ගැටළුවක්.

ෆාම් තෙල් මෙරටට ගෙන්වීම තහනම් කරන බව පැවසුනත් විශේෂ අවශ්‍යතා යටතේ ෆාම් තෙල් ගෙන්වීමට අවස්ථාව ලබාදෙන බව ආණ්ඩුව පවසනවා. සීනි සඳහා වන ආනයන බද්ද ශත 25 ක් දක්වා පහත දමා සිල්ලර මිල රුපියල් 85/- ක් ලෙස නම් කර ගැසට් පත්‍රයක් නිකුත් කළත් එම මිලට සීනි ලබාගැනීමට ජනතාවට නොහැකිවුනා. මෙමඟින් එක් සමාගමක් විශාල ලාභයක් උපයා ගත්තා. ඒ වුනත් එවැනි වංචාවක් සිදුව නැතැයි ආණ්ඩුව පවසනවා.

මෙරට ආහාර තුළ පිළිකා කාරක තිබෙන නමුත් එම තොරතුරු හෙළිකළහොත් සමාගම් රැසක් වැසෙනු ඇති බවට ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. විස සහිත පොල් තෙල් මෙරටට ගෙන්වීම ගණන් ගත නොගත යුතු තත්ත්වයක් වන අතර එවැනි දෑ ඕනෑ තරම් රට තුළ සිදුවන්නේ යැයි ආණ්ඩුවේම අමාත්‍යවරයෙකු පවසා තිබෙනවා. ජනාධිපතිවරයාට මෙම තත්ත්වයන් පැවසීමෙන් පළක් නැතැයි ආණ්ඩුවේ සාමාජිකයෙකු වන විජයදාස රාජපක්ෂ මහතා විසින් පැවසුවා. සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිට විශාල චෝදනාවකට ලක්වූ නවුෂාඩ් පෙරේරා මහතා, ප්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්කළා. මෙම තත්ත්වයන්ට වගකියන්නේ කවුරුන්දැයි විමසීමට සිදුවනවා.

සිය තනතුරු අහිමිවනු ඇතැයි සිතා මෙවැනි තත්ත්වයන් පිළිබඳ අදහස් පළකිරීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කරන්නේ නෑ. පවතින ක්‍රමවේදය වෙනස් කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ “මාර වැඩේ ලංකාවට වුනේ” යැයි පැවසීමට සිදුව තිබෙනවා.

පසුගිය මාස 15 ක කාලය තුළ මෙරට ස්ථාන 270 ක අක්කර 62000 ක පමණ පරිසර පද්ධතීක් විනාශ කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව පැවසූ පරිදි ක්‍රමවේදය වෙනස්වී ඇති බව පැවසිය හැකියි. යාපනය නගරය තුළ වෙනම පොලිසියක් විසින් රථ වාහන හසුරවන බව වාර්තා වනවා. එවැන්නක් සිදුවිය හැකිදැයි අප ආණ්ඩුවෙන් විමසනවා.

මේ වනවිට පවුලක ආහාර වියදමට, අමතර රුපියල් 10000/- ක මුදලක් එක්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000/- කින් වැඩිකළත් මෙතෙක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුව නෑ. සහල් කිලෝ 03 කින් සිව් දෙනෙකුගෙන් යුතු පවුලකට දින 14 ක් ජීවත්විය හැකි යැයි රුපියල් 2500/- කින් මාසයක් ජීවත්විය හැකි බව පැවසූ බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

මේ වනවිට ඇමෙරිකානු ඩොලරය රුපියල් 203.50 ක් බවට පත්ව ඇතත් පසුගිය ආණ්ඩු සමයේ ඇමෙරිකානු ඩොලරය සම්බන්ධනේ චෝදනා රැසක් එල්ල කළ වත්මන් ආණ්ඩුවේ පිරිසට ඒ සම්බන්ධයෙන් කිසිදු ගාණක් නොමැති ආකාරයක් දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ කිසිවෙකු හෝ කිසිදු අදහසක් දක්වන්නේ නෑ. මේ අනුව විදෙස් ආයෝජන මෙරටට නොලැබේවි. මෙරට විදෙස් සංචිතද සීඝ්‍රයෙන් ක්‍ෂය වෙමින් පවතිනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්කළ මෙරට ජනතාව මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු වූනේ නෑ. රාජපක්ෂවරුන් ගෑවී සිටින කිසිවෙකුට හෝ ඡන්දය ලබානොදෙන්නේ යැයි වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කළ විදෙස් ගත මෙරට ශ්‍රමිකයින් පවසමින් සිටිනවා. මෙරටට පැමිණීමේදී විශාල මුදලක් වැය කිරීමට විදෙස් ගත ශ්‍රමිකයින්ට සිදුව තිබෙනවා. මෙය මුදල් ගසා කෑමක් ලෙස හැඳින්විය හැකියි.

සෑම අංශයකින්ම රට පහතට වැටී තිබෙනවා. මෙම වෙනසට යළි නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාජ ප්‍රකාශ රැසක් සිදුකරමින් ජනතාව රවටා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යළිත් එලෙසම ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. නුදුරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බැවින් ජනතාව යළි මෝඩයාට අන්දවා බලයට පැමිණීම සඳහා කැළණි ගඟෙන් නාගයෙකු මතුවීමේ සිද්ධිය වැනි ව්‍යාජ සිදුවිම් මඟින් ජනතාව රැවටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මෙවැනි රජයක් වෙනස් කිරීම සදහා පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රධාන ජනමාධ්‍ය ආයතන කිහිපයක් විපක්ෂසය සමඟ නොමැති නමුත් රටේ සත්‍යය තත්ත්වය සම්බන්ධයෙන් අප ජනතාව දැනුවත් කරමින් සිටිනවා. ඒ අනුව උද්ඝෝෂණ සහ සම්මන්ත්‍රණ දියත් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව අවසන් වෙමින් ඇතැයි විශාල පිරිසක් අප සමඟ පවසනවා. ආණ්ඩුව දිනෙන් දිනම ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් සිටිනවා.

අවුරුදු 30 ක් පුරා රට පාලනය කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරුන්. ඒ අනුව නැවතත් රාජපක්ෂවරුන්ම බලයට පැමිණීමට උත්සාහ කරනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුව තුළද අප විශාල විරෝධතා දියත් කරමින් සිටිනවා.

රන්ජන් රාමනායක මහතාගේ නිවාඩු ඉල්ලුම් පත්‍රය පිළි නොගත් වත්මන් කතානායකවරයා, මාස 03 ක කාලයක් පාර්ලිමේන්තුවට සහභාගි නොවූ බව පවසමින් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කළා. අහෝසිවූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු දිවුරුම් දුන්නා. රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් හිමිවිය හැකි නමුත් සත්‍ය පවසන රන්ජන් රාමනායක මහතා නිහඬ කරවීම සඳහා ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව උත්සාහ කරාවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට