සත්‍යයේ පුවත් අඩහැරය….

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට උදාවෙයි..

Podu Jana Peramunaසිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට (14) උදාවේ. ඒ අනුව හෙට පුර්ව භාග 2.23 ට නව අවුරුද්ද උදාවන අතර පුණ්‍ය කාලය අද (13) අපරභාග 8.09 සිට පසුදා පූර්වභාග 8.57 දක්වා යෙදී ඇත.ආහාර පිසීම යෙදී ඇත්තේ හෙට දින පුර්ව භාග 06.17 යි. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගතයුතු බව නැකැත් චාරිත්‍ර වල සඳහන්ව ඇත. ආහාර අනුභවය හෙට පුර්වභාග 07.16 ට යෙදී ඇත. ඒ අනුව ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කළයුතු බව නැකැත් චාරිත්‍ර වල සදහන්ව ඇත. හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16 ට යෙදී ඇත. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරුඳ පත් ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කළයුතු බව සඳහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට