අවුරුදු සමයේ දින 11 ක් තුළ අධිවේග මාර්ගවල ආදායම රුපියල් කෝටි 35 යි..
සිංහල හින්දු අවුරුදු සමයේ ගතවූ දින 11 ක් තුළ මෙරට අධිවේග මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 35 ක් පමණ වන බව මහා මාර්ග අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව පසුගිය 08 වනදා සිට මේ දක්වා කාලය තුළ අදාළ ආදායම උපයා තිබේ. ආදාළ කාලය තුළ අධිවේගි මාර්ග භාවිතා කර තිබෙන රථවාහන ප්‍රමාණය 1,236,288 ක් බවද මහමාර්ග අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.