නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 ක් දැලේ..
ඊයේ (07) දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. මෙම පිරිසෙන් 342 ක් කොළඹ නගරය තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩකරන ලද 6,539 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.