නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 1,198 ක් අත්අඩංගුවට ගැනේ..
ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම පිරිසද සමඟ පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 32,593 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.