සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද ..

Podu Jana Peramuna ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6 ට කොටුව ජනාධිපති මන්දිරය දී රැස්වීම පැවැත්වේ. මෙහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. විශේෂයෙන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව අදහස් පළකළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කථානායකවරයා වෙත භාර දුන්  අතර එම විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඒ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට