සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදූරදර්ශී ලෙස කටයුතු කරමින් සිටින ගුරුවරුන් සහ සිසුන් අනතුරේ හෙළමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaයහපාලන ආණ්ඩු සමයේදී නරක යැයි හඳුනාගෙන යටපත් කරන ලද අසුචී ගොඩවල් වත්මන් ආණ්ඩුව භක්‍ෂණය කරමින් සිටින බවත් ඒ අනුව එම ආණ්ඩු සමයේදී කිඩාරම් මල්, වත්මන් ආණ්ඩුව තුළ සමන්පිච්ච මල් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධාරණය කර සිටියි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකළ බුද්ධික පතිරණ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට නොහැකිවීම නිසා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට මෙතෙක් නොහැකිව තිබෙනවා. ඒ අතර ක්‍ෂණික පුහුණු වැඩසටහන් හරහා අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට ලබන සඳුදා දින පාසලට පැමිණෙන්නැයි ගුරුවරුන්ට සහ සිසු දරුවන්ට හදිසියේම දන්වා තිබෙනවා. මේ වනවිට කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිරෙමින් පවතිනවා. කෝවිඩ් මර්දන එන්නතෙහි දෙවන මාත්‍රාව පමණක් නොව පළමු මාත්‍රාව හෝ කිසිදු මාත්‍රාවක් ලබානොගත් ගුරුවරුන් රැසක් රට පුරා සිටින තත්ත්වයකදී ඉහත පරිදි ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීම සුදුසුදැයි බලධාරීන්ගෙන් විමසීමට සිදුවනවා.

විකල්පයක් ලෙස පාසල් පාදක ඇගයීම් ලකුණු සහ සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු පදනම් කරගනිමින් එම විෂයන්ට අදාළ අවසන් ලකුණු තීරණය කර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට අවධානය යොමුනොකර ඉහත පරිදි ගුරුවරුන් සහ සිසු දරුවන් පාසල් වෙත ගෙන්වා ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීම අසාධාරණ සහ ගැටළු සහගත තත්ත්වයක් බව අප ආණ්ඩුවට අවධාරණය කරනවා.

පවතින තත්ත්වය හමුවේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ යන විභාග ලබන ඔක්තෝම්බර් මස පැවැත්වීම යතාර්ථවාදී නොවන බව අප අවධාරණය කළත් මාසයක කාලයක් පමණක් කල්දමමින් ඊළඟ නොවැම්බර් මාසයේදී එම විභාග ආරම්භ කර ඉදිරියට ගෙනයන බව බලධාරීන් මේ වනවිට පවසා තිබෙනවා. එසේ විභාග පැවැත්වීමේ පදනම කුමක්දැයි සහ එසේ විභාග පවත්වන්නේ නිසිලෙස සිතා බලාදැයි අප ආණ්ඩුවෙන් විමසනවා.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසු පිරිස, කාලයක් පුරා සිය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි අහිතකර තත්ත්වයන් රැසකට මුහුණදුන් පිරිසක්. ඒ නිසා එම විභාගය පත්වන දින වකවානු පිළිබඳ යළි අවධානය යොමුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇතිව තිබෙනවා. එම උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කිරීමට කටයුතු කළයුතුයි. ගුරු සේවයට එසේ බඳවාගන්නා ලද උපාධිධාරීන්ගෙන් කොටසක් විභාගයක් පවත්වා කප්පාදු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවට තොරතුරු වාර්තාවනවා. පසුගිය වසර කිහිපය තුළ බඳවාගත් උපාධිධාරීන්ට දෙයාකාරයක සැලකීමක් සිදුවන බව පැවසිය හැකියි. ඒ අනුව එම උපාධිධාරීන් සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කරන ලෙසත් විභාගයක් මඟින් කප්පාදු නොකර සම්මුඛ පරීක්‍ෂණයක් පමණක් පවත්වා නිරවුල් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන්ව ගුරුසේවයට බඳවාගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.

කොතලාවල පනතට විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩුව තුළින්ම පවා දැඩි විරෝධයක් එල්ලවුනා. ඉල්ලා අස්කර ගැනීම ලැජ්ජාවට කරුණක් නම් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හෝ සිදුකර එම පනත අවලංගු කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා. අභියෝගයට ලක්කළ නොහැකි බැවින් කාරක සභා අවස්ථාවේදී එම පනතට සංශෝධන ගෙනඒම ඉතා භයානක තත්ත්වයක්. යහපාලන ආණ්ඩු සමයේදී ද කොතලාවල පනත ඉදිරිපත්වූ නමුත් එහිදී එල්ලවූ දැඩි විරෝධය හමුවේ යහපාලන ආණ්ඩුව හකුලාගන්නා ලද එම පනත, අවම තරමින් ප්‍රකාශයට පත්වූ දිනය හෝ වෙනත් කිසිදු වෙනසක් හෝ සිදු නොකර යළි ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරලා. ඒ අනුව කොතලාවල පනත අහෝසිකර, සාකච්ඡා පවත්වා පොදු එකඟතාවයෙන් නව පනත් කොටුම්පතක් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා. එසේ ඉදිරිපත් කරන නව පනත තුළින් හමුදාමය නොවන පාඨමාලාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් විය යුතු අතර අවශ්‍යතාවය අනුව පාඨමාලා සඳහා යම් සිවිල් පිරිසක්ද බඳවාගැනීමට කටයුතු කළයුතුව තිබෙනවා. ඒ අනුව පාලක සභාව, සෙනෙට් සභාව, අධ්‍යයන අනධ්‍යන කටයුතු, උපාධි පිරිනැමීම ආදී තත්ත්වයන් මෙන්ම හමුදාමය නොවන කරුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් වන ලෙස නව පනත ඉදිරිපත් වියයුතුයි.

තමන්ගේම ආණ්ඩුවක් වුවද වරදක් සිදුවන්නේ නම් එය වළක්වාගත යුතුයි. ප්‍රගතිශීලි ආණ්ඩුවක් යනු එවැනි ආණ්ඩුවකුයි. වත්මන් ආණ්ඩුව කිසිදු විටෙක එසේ කටයුතු කරාවියැයි සිතිය නොහැකියි. කොතලාවල පනතට එරෙහිව රට තුළ ඇතිවූ අරගල මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා හරහා පොලිසිය වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. එසේ විරෝධතා මර්දනය කළත් විවාහ මංගල උත්සව, සම්බාහන මධ්‍යස්ථාන ආදිය සඳහා අවශ්‍ය අවසරය ලබාදී තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට