සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වාසභංගයෙන් ඔප්පු වූයේ ආණ්ඩුව ජනතාවගේ පීඩාව ගැන අබමල් රේණුවක් තරම් හෝ නොසිතන බවයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුවට යම් වාසි සහගත තත්ත්වයක් ඇතිවූ බව වැනි ප්‍රකාශ පළවූ නමුත් ජනතාවගේ හඬ තේරුම් ගෙන සිටින විපක්ෂයේ හොඳම, දේශපාලන උපාය මාර්ගික තීන්දුවක් ලෙස මෙම විශ්වාසභංග යෝජනාව හැඳින්විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අවධාරණය කරයි. ඊයේ (21) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී හේෂා විතානගේ මහතා පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

රටේ සෑම අංශයකටම සෘජුව හෝ වක්‍රව අහිතකර බලපෑමක් එල්ලවූ ඉන්ධන මිල වැඩිකිරීමේ තීරණයට එරෙහිව පෙනීසිටින බව පැවසූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළුදෙනාම එම තීරණය සාධාරණ යැයි යන මතයේ සිට විශ්වාසභංග යෝජනාවට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කළා.

යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ සූදානම සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසුවා. තමන් අමාත්‍යධූරයේ සිටිනතාක් විදුලි බල මණ්ඩලයේ කිසිදු ආයතනයක් පුද්ගලීකරණය නොකරන බව ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා. නමුත් පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස මෙරට ඇතැම් දේපළ විදෙස් සමාගම්වලට ලබාදෙන බව ජනාධිපතිවරයා පැවසූ බව අවධාරණය කරමින් යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම සාධාරණීකරණය කිරීමට විමල් වීරවංශ මහතා කටයුතු කර තිබෙනවා. ගූගල්, ෆේස්බුක්, වට්ස්ඇප්, පෙප්සි වැනි ඇමෙරිකානු සන්නාමයන් සියල්ල අත්හරිමින් සෘජුව සිටගමු යැයි පැවසූ බැවින් ඉහත ප්‍රකාශය සිදුකළේ රෙදි ඇඳගෙන දැයි විමල් වීරවංශ මහතාගෙන් විමසීමට සිදුවනවා.

ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කොරෝනා වසංගතයට ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් ආර්ථික මර්මස්ථාන විජාතිකයින්ට පවරමින් සිටිනවා. ආණ්ඩුව, මහබැංකු බැදුම්කර වංචාකරුවන් සිය ආසන්නයටම ගෙන සතුටු කරවමින් සිටින බවක් පෙනීයනවා. සීනි සහ පොල්තෙල් බදු වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි සිතිය නොහැකියි.

මේ ආකාරයට ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නම් ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. නිසිලෙස ආණ්ඩුව කිරීමට නොහැකි නම් හැකි පිරිසකට ආණ්ඩුව භාරදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අත්සන් කරන නෝට්ටුවල වලංගුභාවයක් තිබේදැයි, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්සන් තබන ලද රුපියල් 5000/- නෝට්ටුව වලංගු නොවන බව පැවසූ බන්දුල ගුණවර්ධන මහතාගෙන් අප විමසා සිටිනවා. කිසිදු හේතුවක් මත ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර නොගන්නා බව පවසා ඇති මෙරට මූල්‍ය භාරකරු වන බැසිල් රාජපක්ෂ මහතා, විශාල මූල්‍ය වංචාවක් සිදුකර ඇමෙරිකාවට පලා ගියහොත් රටට සිදුවන පාඩුව සහ හානිය සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ කවුදැයි වහාම පවසන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා.

ගෑස් බර අඩුකර ඒ හරහා මිලද යම් ප්‍රමාණයක් පහළදමා ජනතාව රවටමින් ලිට්රෝ ගෑස් සමාගම සිදුකරන ලද විශාල ජාවාරමට කැබිනට් මණ්ඩලය විසින් නිල අනුමැතිය ලබාදී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙරට ජනතාව කිසිදු විටෙක මෙවැන්නක් බලාපොරොත්තු වූනේ නෑ.

ගැටළු යටපත් කිරීම සඳහා එක් එක් මාතෘකා රට තුළ නිර්මාණය කෙරෙමින් පවතිනවා. ආණ්ඩුව කුමන ප්‍රචාරයක් ගෙනගියත් සමගි ජන බලවේගය තුළ දමිළ, මුස්ලිම්, සිංහල වශයෙන් බෙදීමක් සිදුවී නෑ. රාජපක්ෂ ආණ්ඩුව තවම සිටින්නේ ජාතිවාදී කඳවුර තුළ බව පෙනෙනවා. වඩා වැදගත් වන්නේ විශ්වාසභංග යෝජනාවේදී ලද ඡන්ද ප්‍රමාණය නොව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුවූ ඉන්ධන මිල වැඩිකිරීමේ තීරණයයි.

සාගර කාරියවසම් මහතා වැනි ජනතා පීඩාව දකින ලද එක් අයෙකු හෝ ආණ්ඩුව තුළ සිටිනු ඇතැයි අප සිතුවා. විශ්වාසභංග යෝජනාව තුළින් තමන් ශක්තිමත් වූ බව ආණ්ඩුව පැවසුවත් එහි සැබෑව තේරුම් ගන්නා ලෙස ජනතාවට අවධාරණය කරනවා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වුවහොත් යථාර්තය කුමක්දැයි දැකගැනීමට හැකිවේවි. රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිමය වටිනාකම සම්බන්ධයෙන් අප තුළද යම් ගෞරවයක් පැවතියත් එම බුද්ධිමය වටිනාකම නිවැරදි ස්ථානයේ නොමැති බව පැවසිය හැකියි.

විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සමඟ යම් පුද්ගලයෙකු හමුවූයේ නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සියළුදෙනා දන්නවා. ඒ අනුව විමල් වීරවංශ මහතාට එම චෝදනාවෙන් නිදහස් වීමට කාගේ හෝ සහායක් ලැබූ බව පැවසිය හැකියි. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ඊයේ හිමිවු කාලය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් සිදුවූයේ ආණ්ඩුව ශක්තිමත් වීම නොව ආණ්ඩුව තුළ සිටින බැසිල් විරෝධී කඳවුර සඳහා බැසිල් රාජපක්ෂව මහතාට අත එසවීමට සිදුවීමයි. ඒ අනුව බැසිල් විරෝධී කඳවුරට ශක්තියක් වීමට බැසිල් පාක්ෂික කඳවුරට අවශ්‍ය වටපිටාව සකස් වුනා මෙම විශ්වාස භංගය තුළින්. ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලෙහි පැවති රුපියල් කෝටි 6500 ක මුදලට සිදුවූයේ කුමක්දැයි දැයි අප විමසනවා. ආණ්ඩුව ජනතාව පිළිබඳ අබමල් රේණුවක් හෝ නොසිතන බව විශ්වාස භංගය තුළින් ඔප්පු වුනා.

යළි බලයට පැමිණෙන බව පසුගිය දිනෙක පැවසූ වත්මන් ජනාධිපතිවරයා තරම් දේශපාලනික වශයෙන් කුණු බක්කියට වැටුනු වෙනත් ජනාධිපතිවරයෙකු මෙරට තුළ සිටියේ නෑ. තමන්ට කොකා නොපෙන්වන ආණ්ඩුවක් බලයට පත්කර ගතයුතු බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. ඒ අනුව 2015 ට වඩා සැර පිළිතුරක් ජනතාව විසින් ඉදිරියේදී ලබාදේවි.

ආණ්ඩුව තුළ පට්ට අවුලක් ඇතිව තිබෙනවා. චමල් රාජපක්ෂ මහතා පවා විශ්වාස භංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම සඳහා පැමිණියේ නෑ. කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති සජිත් ප්‍රේමදාස මහතා හැර වෙනත් විකල්පයක් මේ වනවිට රටට නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට