සත්‍යයේ පුවත් අඩහැරය….

පසුගිය සති දෙක තුළ කොරෝනා මරණ 568 ක් ..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ පෙරේදා (22) දිනෙන් අවසන් වූ සති දෙකක කාලයේදී කොරෝනා  මරණ 568 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.මින් වැඩි පිරිසක් පිරිමින් වන අතර එම සංඛ්‍යාව 327 ක් වේ. කොරෝනා වැළඳුණු කාන්තාවෝ 241 දෙනෙක්ද   එම කාලසීමාවේදී මිය ගොස්ය ඇත. පසුගිය දෙසතියේදී මියගොස් ඇති  පුද්ගලයන් අතර අවුරුදු තිහට අඩු  පුද්ගලයන් 5දෙනෙකුද අවුරුදු තිහත් 59 ත් අතර 139 දෙනකුද අවුරුදු 60 ට වැඩි 424 දෙනකුද  සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා වල සඳහන් වේ. වයස්ගත පුද්ගලයන් කොවිඩ්  වැළඳී මියයෑමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි. මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොවිඩ්  මරණ මුළු සංඛ්‍යාව 3959 ක් වේ.  මින් මරණ 13ක් කොරෝනා පළමු රැල්ලේදීද මරණ 596ක් දෙවැනි රැල්ලේ දීද  මරණ 3350ක්  තෙවැනි රැල්ලේදීද වශයෙන් මෙලෙස  වාර්තාවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට