Written by Admin on 26 මාර්තු 2010
අද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට අරලිය ගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ ජනාධිපතිට සංදේශයක් භාර දීමට උත්සාහ ගෙන ඇත.
එම පා ගමන සංවිධානය කිරීමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ නිට්ටඹුව සාරිපුත්ත විද්‍යාපිඨයේ පාඨමාලා මුදලට විකුණමින් බෞද්ධ අධ්‍යාපනය වැනසිමට විරෝධය පල කිරිමයි. එම පා ගමනට භික්ෂූන් වහන්සේලා 300ක් පමණ සහභාගී වී ඇත. කොල්ලුපිටියේදී පොලිසිය විසින් පා ගමන නැවැත්වීමට උත්සාහ ගනිද්දී ඔවුන් ඒවා පෙරළාගෙන ඉදිරියට යාමට උත්සාහ ගත්තද පොලිසිය එම උත්සාහට ව්‍යර්ථ කරන ලදී. මෙම පා ගමන නිසා ගාලු පාරේ හා හයිලෙවල් පාරේ දැඩි මාර්ග තදබදයක් ද තිබී ඇත.
ඡායා රූප- රතඹලගේ නීලකුමාර
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත