සත්‍යයේ පුවත් අඩහැරය….

ජනමාධ්‍ය මර්දනය වහා නවතන්න – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය මධ්‍යස්ථානය

Australia APEC Protestදේශපාලන මත දැරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ආණ්ඩුවට පක්ෂපාතී නොවන මත දරන මාධ්‍ය මර්දනය කිරීම වහාම නවතන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් වෙබ් අඩවි කාර්යාලයකට කඩාවැදී ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍යවේදිනියන් සහ වෙනත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා  දකින බවද එම නිවේදනයේ දැක්වේ. පිටකෝට්ටේ පිහිටි ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය සහ ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවිය පවත්වාගෙන යන කාර්යාල පරිශ‍්‍රය වෙත මෙසේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණියේ අපරාධකරුවන් වැටලීමක් වැනි ස්වරූපයෙන් බවත් එය අද ඊයේ නොවන දිගු කලක සිට සිදු කර ගෙන එන්නක් බවද චන්දන සිරිමල්වත්තගේ නිවේදනයේ දැක්වේ. එහෙත්, වරෙන්තු සියගනනක් සහිත දරුණු අපරාධකරුවන් වසර ගනන් නිදහසේ සිටින රටක මෙම හාස්‍යජනක ක‍්‍රියාව නැවත නැවත සිදුකරමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට හීලෑ නැති ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍ය වෘත්තිකයන් නිහ`ඩ කර තබාගැනීමට බව එම නිවේදනයෙන් දැක්වේ.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට